දේශීය පුවත්

අත්අඩංගුවේ පසුවන වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියන සිංහල මවුවරු 134 ක් ඊයේ (28 වැනිදා* වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කළහ.

ඊයේ දිනයේ පමණක් මෙසේ දරුඵල අහිමිවූ මව්වරුන් 67 දෙනෙක් කුරුණෑගල මහ රෝහල වෙත මේ පිළිබඳව පැමිණිලි කර තිබූ බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

මේ අතර වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමිවූ දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි සිංහල මවුවරුන් 10 දෙනකු දඹුල්ල රෝහලට සහ පොලිසියට ඊයේ පැමිණිලි කර තිබිණි. පෙරේදා එක් මවක් දඹුල්ල පොලිසියට පැමිණිලිකර තිබුණි.

වෛද්‍ය ෂාෆි සෙහාබ්ඞීන් මහතා 2013 – 2015 වසර වල දඹුල්ල රෝහලේ සේවය කරද්දී ඒ මහතා විසින් තමන්ට මෙම සිසේරියන් සැත්කම් කළ බව එම මව්වරුන් කළ පැමිණිලි වල සඳහන් වෙයි.

දඹුල්ල රෝහලට ලැබුණු පැමිණිලි සියල්ලද කුරුණෑගල රෝහල වෙත ලබා ගැනීමට කටයුතු කරන බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

මේ අතර වෛද්‍ය ෂාෆි සෙහාබ්ඞීන් මහතා සිදු කළ බව කියන සැත්කම්වලින් පසු දරු ඵල අහිමි වූ තවත් සිංහල මව්වරු විශාල පිරිසක් අද දිනයේද පැමිණිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

මෙම පැමිණිලි භාර ගැනීම සඳහා රෝහලේ වෙනම අංශයක් වෙන් කර ඇති අතර ඊට නිලධාරිනියන් කණ්ඩායමක්ද යොදවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග පැවසීය.

Divaina



One thought on “කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි 134 ක්; ඊයේ පමණක් පැමිණිලි 67 ක් දඹුල්ලෙනුත් 10 ක්”

  1. පලවෙනි බබත් මැරුණ අම්ම කෙනෙකුත් මේ අතර හිටියා. මේ දරුවා මැරුණේ ඉපදී කොපමණ කලකින්ද, (?සතියක් දෙකක් වැනි) ඉතා සුළු කලකින්නම් ඒ කුමන රෝගී තත්වයකින්ද යන්න ගැනත් හොයා බලන්න කුරුණෑගල පරීක්ෂණ කණ්ඩායම යොමු වේවිද? මෙහිදී අපට මතක් වන්නේ “ගම් පෙරලිය” නවකතාවේ නන්දාගේ දරුවා පෙකෙනිවැල ඇදීමෙන් හටගත් උණකින් අන්ත්‍රා උන සිද්දියයි. ඉපදුන අලුත දරුවකු කොයි විදියටද handle කරන්නේ යන්න අනුවත් ඒ දරුවාගේ නිරෝගී බව තීරණය වෙනවා.

    මේ දොස්තරගේ නම නම් හරියටම ගැලපිලා තියනවා. ඔහු උපන් බිමට “සාපයක්”!

    රතන හිමි හෙළි කරන අන්දමට මේ “වන්ද්‍යකරණ”කතාව සාෆිගෙන් නවතින පාටක් නෑ. මුස්ලිම් ව්‍යාප්තවාදය කෙතරම් දුරට ලංකාවේ ඔඩුදුවලද කියල දැන ගත්ත දවසට අපි ඔක්කොටම තරු පෙනේවි.

    ඒ අතර අර පිටරටවල කරනවා වගේ අන්තවාදීන් මාර්ග අනතුරු සිද්ද කරනවද යන්නත් සැකයි. පසුගියදා කාර් එකක් පසුපසින් පැමිණ මෝටර් සයිකලයක වද්දා එහි ගමන් ගත් පුද්ගලයා වීසි වී වැටෙනු (ඔහු පසුව නැගිට ගත්තා ) සී සී ටී වී කැමරාවකට අසුවී තිබුනා. ඒ අවස්ථාවේ මාර්ගයේ එම කොටසේ වෙනත් වාහන නොතිබීම නිසා ඒ දුටු අපට සැකයක් ඇති වුවත් ලංකාවේ එවැනි අනතුරු බහුල නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කලේ නෑ. එනිසා සිද්දිය වාර්තා වුනේ කොයි ප්‍රදේශයන්ද කියා මතක නෑ. නමුත් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වුනා යතුරු පැදියක ගමන්ගත් තරුණයන් තිදෙනෙකු මුහුණට මුහුණලා පැමිණි (?යාපනය ප්‍රාදේශීය සබාවට අයිති) වාහනයක ගැටී මරුන බවත් සැකපිට එම වාහනයේ රියදුරු අත් අඩංගුවට ගත් බවත්. මේ ප්‍රදේශයෙන්ම පොලිස් කොස්තාපල් වරයකු යතුරු පැදියක යන විට මාර්ග අනතුරකට ලක්වී මරුන බව ඊට පසු දිනක වාර්තා වුනත් එහි විස්තර වාර්තා වුනේ නෑ. මේ අතර මාර්ග මං තීරු අකුරට පිළිපැදීම ගැනත් වාර්තාවක් තිබුනා. මේ අනතුරු එකිනෙකට සම්බන්ද නම් මොනවගේ තත්වයක් ඉදිරියට ඇතිවේද කියා හිතන්නත් අමාරුයි. මේ චන්ඩිකම් සියල්ල රිෂාඩ් බදුර්දීන් වැනි අය තාමත් යහතින් බලයේ සිටින නිසා නේද කියා හිතනවිට ආණ්ඩුවේ දේසපාලුවන් ගැන ඇතිවෙන්නේ ඉතාම පිළිකුලක්. ලේ තැවරුණ අත් ඇතිවත් ඔවුන් තවමත් මුදලට බලයට ගිජුවී නොඇසෙන නොපෙනෙන ගානට සිටිනවා.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More