දේශීය පුවත්

ගබ්සා කිරීම් ගැන චෝදනා එල්ල වු වෛද්‍යවරයා නිදොස් වී අගතියට පත් මව්වරුන් සිරගත වීමේ වතාවරණයක් පැන නැගී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(28) පෙරවරුවේ මහනුවරට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හා පක්ෂ සාමාජිකයින් ප්‍රථමයෙන් ඓතිහාසික දළදා මාළිගය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මෙම අදහස් පළ කළේය.

අනතුරුව මල්වතු මහාවිහාරය වෙත පැමිණි මන්ත්‍රිවරුන් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවේය.

රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවේ සමහරු සහය පළ කර ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, සමහර අය රිෂාඩ් නැතිව ආණ්ඩුවක් පිහිටු විය නොහැකි යැයි බියෙන් සිටින බව ද පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව හේතුවෙන් ආණ්ඩුව අද වන විට රිෂාඩ්ගේ සහය ඒ සඳහා නොලැබුණහොත් ආණ්ඩුව පැරදේවි යැයි බියෙන් සිටින බව ද පැවසු මන්ත්‍රීවරයා, පසුව අස්ගිරි මහා විහාරයේදි අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන්ද බැහැ දැක සාකච්ඡා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More