දේශීය පුවත්

අයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස යකඩ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා වරාය අධිකාරිය සතු ත්‍රිකුණාමල වරායෙ ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ඇමැති මලික් සමරවික්‍රම මහතා කර ඇති ඉල්ලීමක් වරාය ඇමැති සාගල රත්නායක මහතා විසින් අද (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී මලික් සමරවික්‍රම හා සාගල රත්නායක යන ඇමැතිවරුන් දෙදෙනා අතර උණුසුම් වාදයක්ද ඇති වූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

දෙදෙනා අතර වචන හුවමාරු සිද්දවෙද්දි ‘‘අරලිය ගහ මන්දිරයේ කචල් එකක්‘‘ යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද වාර්තා වේ.

යකඩ කර්මාන්ත ශාලාවක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රීතව ආරම්භ කිරීම සඳහා මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඉඩම් කොටසක් ඉල්ලා ඇති අතර එය ලබා දිය නොහැකි බව සාගල රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව දැනගන්නට තිබේ.

මේ අවස්ථාවේ ආයෝජන අඩු බැවින් එම ඉඩම ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස හා මංගල සමරවීර යන ඇමැතිවරුන්ද ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද සාගල රත්නායක ඇමැතිවරයාගේ විරෝධය හේතුවෙන් කැබිනට් සංදේශය අනුමත නොවූ බවද එම ආරංචි මාර්ග කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More