දේශීය පුවත්

1956 සමාජ පෙරළියට පූජ්‍ය හේන්පිටගෙදර ඤණසීහ හිමියන්, පූජ්‍ය මැදගොඩ සුමනතිස්ස හිමියන් ඇතුඵ මහා සංඝරත්නය නායකත්වය දුන්නා. මහා සංඝරත්නය වෙත පැවරී තිබෙන එම ඵෙතිහාසික කාර්යභාරය වර්තමානයේ ඇතිවී තිබෙන ජාතික ආපදාවේදී කෙසේ කටයුතු කළ යුතුද යන්න සිතා ගනිමින් තමයි අපි මෙම මාධ්‍ය හමුව සංවිධානය කළේ. නිදහසින් පසුව අපිට ජාතිකත්වය දේශීයත්වය අගයන පාලන තන්ත‍්‍රයක් ගොඩනඟා ගැනීමට නොහැකි වූවා. 30 අවුරුදු යුද්ධයෙන් පසුව දස වසරක් ගෙවීයමින් පවතිද්දී නැවතත් ඉස්ලාම් අන්තවාදයකට සහ ඊටත් එහා ගිය ව්‍යසනයන්ට අපි මුහුණ දෙමින් සිටිනවා. 70 වැනි නිදහස සමරන විට වසර 40 ක කාලයක් පුරා බෝම්බ පිපිරීම් සමරන්න අපට සිද්ධ වී තිබෙනවා . එම නිසා අපි ලැබූ නිදහස සැබෑ නිදහසක්ද නැතිනම් අයි. එස්. කාරයන් කුඩුකාරයන් ලෝක බැංකු මංකොල්ල කාරයන් ලැබු නිදහසක්ද කියන එක අපිට සිතා බලන්න සිද්ධවෙලා තියෙනවා. ඒ අතර අපේ ඵෙතිහාසික උරුමයන්, වනාන්තර, වෙරළ විනාශ වෙමින් පවතිනවා.

මහානාම හිමියන් මහාවංශය ලිව්වයි කියල කියන එක වැරදියි. මහානාම හිමියන් මහාවංශය ලිව්වා පමණක් නොවෙයි ඉතිහාසයක් ගොඩනැඟුවා. එම නිසා ඉතිහාසය ගොඩනැඟීමේ වගකීම අතීතයේ සිට මහා සංඝරත්නය ඉෂ්ට කරලා තිබෙනවා. එම වගකීම ඉෂ්ට කිරීමේ දැවැන්ත කාර්යභාරයක් වර්තමාන භික්ෂුන් වහන්සේලාට පැවරී තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි ජාතික විද්වත් භික්ෂු සංසදය පෙරමුණ ගෙන තිබෙන්නේ. මෙය නොනැවතී ඉදිරියට යන ගමනක්. මේ ගමන මේ රටට නිවැරැුදි දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සහ එම දේශපාලන සංස්කෘතිය මේ රටේ අනාගතය සකස්කර ගැනීම දක්වා යනවා.

1951 පැවති මහ මැතිවරණයේදී බණ්ඩාරණායක මහතා ලබා ගත්තේ ආසන 9 ක් පමණයි. සම සමාජ පක්ෂයටත් ආසන නවයක් ලැබුණා. එම නිසා බණ්ඩාරණායක මහතාට විපක්ෂ නායක කම ලැබුණේ එම පක්ෂයට වඩා ඡුන්ද ලබාගත් නිසා තමයි. නමුත් 1956 පැවති මහ මැතිවරණයේ දී බලයේ සිටිය එ.ජා. පක්ෂය ආසන 8 කට සීමාකරල බණ්ඩාරණායක මහතා බලයට ආවා. ඒ සඳහා හේතුවූ බලවේගය කුමක්ද? ඒ තමයි භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කළ දස පනත. එම පනත පිළිගත් නිසා තමයි බණ්ඩාරනායක මහතාට ජය ගැනීමට හැකි වූයේ.

අපි ඉදිරියේ දී බලය අපෙක්ෂා කරන නායකයන්ට නූතන දස පනතක් ඉදිරිපත් කරනවා. එය අපි ඉදිරිපත් කරන්නේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සාකච්ඡුා කරල ඉදිරිපත් කරන එකක් ලෙස නෙවෙයි. අපි ඒ සඳහා මේ රටේ සිටින විවිධ කණ්ඩායම් සම්බන්ධ කර ගන්නවා. අපි අද දසපනතක් ලෙස සංකල්ප රාමුවක්් ඉදිරිපත් කරනවා. විවිධ කණ්ඩායම් සමග සාකච්ඡුා කර එම සංකල්ප ක‍්‍රියාකාරී සැලසුමක් ලෙස ප‍්‍රතිපත්ති මාලාවක් ලෙස ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වනවා. එම කටයුත්ත කිරීම සඳහා අපි රට වටා ගමන් කරනවා. අපි එම කටයුත්ත කරන්නේ රට නිවැරැුදි දේශපාලන නායකත්වයක් සඳහා පෙළගැස්වීම සඳහායි.

මෙම වැඩපිළිවෙළ තුළින් පිළිබිඹු වන්නේ මහජන මතය. එම නිසා එයට පිටුපාන කිසිදු දේශපාලන නායකයකුට ආයෙත් මේ රටේ බලයට එන්න අපි ඉඩ තබන්නේ නෑ. එම වැඩපිළිවෙළ සමග එකඟ වන නායකයකුට පමණක් අපි ඉදිරියේ දී රටේ නායකත්වයට ඒමට ඉඩ සලසනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More