දේශීය පුවත්

භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් අද (28) කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

එම පිරිස එලෙස විරෝධතාවයේ නිරත වුයේ අත්අඩංගුවේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට බලපෑම් කර පරීක්ෂණ මෙහෙයවන වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මාරු කිරිමට සෞඛ්‍ය ඇමැතිවරයා උත්සාහ ගන්නා බවට චෝදනා කරමිනි.

භික්ෂූන් වහන්සේලා, කතෝලික පූජකතුමන්ලා ඇතුළු දෙදහසකට අධික පිරිසක් එක්ව සිටි අතර කුරුණෑගල නගරයේ සිංහල ව්‍යාපාරිකයෝ රැසක් ද ව්‍යාපාරික ස්ථාන වසා දමා විරෝධතාවයේ නිරතවුහ.

සැකකාර වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ දේශපාලන අතපෙවීම්වොලින් තොරව සාධාරණව සිදු කළ යුතු බවද, එසේ නොකර කටයුතු කළහොත් මීට වඩා දැවැන්ත විරෝධතාවයන් සිදුකරන බව ඔවුහු පැවසුහ.

කාලකන්නියා විසින් දරුවන් අහිමි වූ අහිංසක සිංහල මව්වරුන්ගේ හඩ

Gepostet von Perera Amila Prasad am Dienstag, 28. Mai 2019

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More