දේශීය පුවත්

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාර භූමියේ 26 දින කිසියම් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් නීරාවී පුල්ලයාර් කෝවිල යනුවෙන් නාම පුවරු දෙකක් ඉදිකල බවට ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් කියා සිටියේය.

පසුගිය මැයි 06 වනදා මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරයේ නඩු තීන්දුව ලබා දෙමින් මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කොට සිටියේ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ දේවලය තුල නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම යෙදීම මුලතිව් පොලිසියේද සහභාගීත්වයෙන් සිදු විය යුතු බවටත්ය.

නමුත් 26 උදෑසන මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ භූමිය තුල පධාන බුදු පිළිමය ඉදිරිපිට එක් නාම පුවරුවක්ද අනෙක් නාමපුවරුව පනසල් භූමියේ අනෙක් කෙලවරේද ඉදිකිරීමට පියවර ගෙන තිබුණි.

මේ පිළිබඳව ගුරුකන්ද රජමහා විහාරයේ නඩුවට පෙනී සිටි නීතීඥ රෝහන තල්පාපාවිල මහතා කියා සිටියේ,

‘‘ මෙම සිදුවීමේදී මුලතිව් මහෙස්ත්‍රාත් තුමාගේ නියෝගය කිහිප වරක්ම කඩකිරීම හා පැහැර හැරීම සිදුව තිබෙනවා එකක් මුලතිව් මහෙස්ත්‍රාත් තුමන් නියෝගය කොට සිටියේ අදාල නාම පුවරුව විහාරයේ දේවාලය තුල යොදන ලෙසටයි නමුත් මෙම පිරිස දේවාලය තුල නොව විහාර භූමියේ ඉදිකිරීම සිදු කර තිබෙන්නේ දෙවන කරුණ මෙම නාම පුවරු ඉදිකිරීමේදී කිසිදු පොලිස් නිලධාරීයෙකු සම්බන්ධ කරගෙන නැහැ, තෙවන කරුණ පන්සල් භූමියට අනවසරයෙන් ඇතුල් වී බාධා කිරීම් සිදු කිරීම, සිව් වන කරුණ පුරාවිද්‍ය භූමියක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් නොමැතිව නාම පුවරු යෙදීම , පොලීසියේ රාජකාරිය සිවිල් පාර්ශවයක් විසින් සිදු කිරීම වැනි අධිකරණ නියෝග කඩ කිරීම්ය.

නමුත් මෙම නාම පුවරු ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයා දැනුවත් කළ බවටත් තමන්ගේ අවසරයකින් තොරව කිසිදු වෙනත් ඉදිකිරීම්ක් සිදු කිරීමට නොහැකි බැවින් අදාල ඉදිකිරීම් සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය දැනුවත් කිරීමට පියවර ගන්නා බවටද නීතිඥ රෝහණ තල්පාවිල මහතා වැඩි දුරටත් කියා සිටියේය.

අදාල පිරිස් විසින් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරුව ඉදිකිරීම සමබන්ධයෙන් මුලතිව් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට පැමිණ එම පිරිස් වලින් කටඋත්තරයක් පමණක් ගත් බවට විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More