වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමිවූ බව කියන තවත් සිංහල මවුවරුන් 49 දෙනකු ඊයේ (27 වැනිදා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ද තවත් එක් මවක දඹුල්ල රෝහලටද පැමිණිලි කර ඇත.
පෙරේදා (26 වැනිදා) දිනයෙත් මවුවරුන් 6 දෙනකු කුරුණෑගල රෝහල වෙත මේ පිළිබඳව පැමිණිලි කර තිබිණි. ඒ අනුව මේ වන විට වෛද්‍ය ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමිවූ මවුවරුන් 45 දෙනකු කුරුණෑගල මහ රෝහල වෙත පැමිණිලි කර තිබේ.
මේ අතර වෛද්‍ය ෂාෆි විසින් තවත් මවුවරුන් පිරිසකට සිදුකළ සැත්කම් සහ වෛද්‍යප‍්‍රතිකාර නිසා විවිධ රෝගාබාධයන්ට ලක්වූ මවුවරුන් පිරිසක්ද කුරුණෑගල මහ රෝහල වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.
මෙම වෛද්‍යවරයා කළ සැත්කම්වලින් සහ ප‍්‍රතිකාරවලින් දෑස් අන්ධවූ මවක් මෙන්ම මුත‍්‍රා ආබාධ සහ බඩවැල් කැපී යෑම නිසා දැඩි ලෙස රෝගා බාධවලට ලක්වූ සිංහල මවුවරුන් තිදෙනකුද ඒ පිළිබඳව රෝහල් බලධාරීන් වෙත පැමිණිලි කර තිබිණි.
මේ අතර වෛද්‍ය ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමිවූ තවත් මවුවරුන් රාශියක් අද (28 වැනිදා) දිනයේද කුරුණෑගල රෝහල වෙත පැමිණ පැමිණිලි කරන බවද රෝහල් බලධාරීන් වෙත දැනුම් දී ඇත.
එසේම සිසේරියන් සැත්කමකින් පසු කාන්තාවක් වන්ද්‍යකරණයකට ලක්ව ඇත්දැයි ඉතා සරල වෛද්‍ය පරීක්ෂණයක් මගින් පහසුවෙන් තහවුරු කර ගත හැකි බව ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් පවසයි. ගැබ් ගැනීමට වෙනත් ආකාරයකින් පවතින බාධා ද මෙවැනි වෛද්‍ය පරීක්ෂණ මගින් හඳුනාගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
එක් මවකට සිසේරියන් සැත් කමෙන් පසු ඇස් පෙනීම පවා නොපෙනී ගොස් තිබෙන බව සදහන් වුනා. බැලූ බැල්මට ප්‍රජනන පද්ධතියේ සහ අක්ෂි ස්නායුන් අතර සම්බන්ධයක් නොමැති බව පෙනුනත් ශරීරය යනු එහි සියුම් සහ සියුම් නොවන සියලුම කොටස් එකට එක්වී කරන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නිසා අනවශ්‍ය ලෙස ස්නායු/නාල අවහිර කිරීම් මගින් ශරීරයේ ඕනෑම ක්‍රියාවකට හානි සිදුවිය හැකි බව සිතාගැනීමට පුළුවන්. චීන ඇකියූපන්ක්චර් වෛද්‍ය ක්‍රමයට අනුව ශරීරයේ යම් යම් ස්ථාන ඉතා සුළු පීඩනයකට/අවහිරයකට ලක් කිරීම තුලින් ලෙඩ රෝග සුව කිරීමද ඉහත හානිදායක ක්‍රියාවලියේ අනික් පැත්ත ලෙස දැකිය හැකියි. එම නිසා මේ පරීක්ෂණ සිදු කරන වෛද්‍ය වරුන් දරුවන් නොලැබීම පමණක් නොව සියලුම අතුරු ආබාධ (side effects and complications) ගැනත් අවධානය යොමු කරනවා ඇතැයි බලාපොරොත්තු වෙමු.
මේ වෛද්‍යවරයා පිළිබද අනාවරණයේ බිහිසුනුම තත්වය නම් මෙවැනි සාහසික ක්‍රියා සිදුකල/සිදුකරමින් සිටින වෛද්‍ය/හෙද වුර්ති වලට සම්බන්ධ තව කොතෙක් නම් අමානුෂික අන්තවාදීන් සිටිනවාද යන්නයි. එවැනි දමිළ වෛද්‍යවරියක ගැනද කලින් අසන්නට ලැබුන නිසා මේ ක්‍රියා පටිපාටිය කොටි ත්‍රස්තවාදී යුගයේ සිටම ආරම්බ වුවක්ද යන්නත් සොයා බැලිය යුතුයි. එසේම “වද” භාවයට පත් කිරීම සදහා රසායන වර්ග යෙදු “සෝස්” ගැනද ඒ කාලයේ අසන්නට ලැබුනා. එසේ නම් අන්තවාදීන් පවත්වාගෙන යන අහාර පාන වෙළද සල් තුළ මොනවා නම් කෙරේද යන්නත් සිතාගත නොහැකියි. මේවා ගැන නිසි සෝදිසියක් කෙරෙනවාද යන්න සැක සහිත නිසා මහජනයා ඒ ගැනද දැනුවත් වියයුතු කාලය එලබ ඇත.
තවද අතුරලියේ රතන හිමියන් මෙලෙසම පැලෝපියන් නාල අවහිර කර වද බවට පත්කර ඇති මවක සම්බන්දයෙන් චෝදනා ඇති මුස්ලිම් වෛද්‍යවරයකු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටින බව සදහන් කළා. ඒ පිළිබදවද වැඩිදුර පරීක්ෂන කර ඒ තොරතුරු සත්‍ය නම් එම වාර්තා අදාල ඕස්ට්‍රේලියානු බලදාරීන්ට ලබාදිය යුතු වෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම සැත් කමකදී complications ඇතිවිය හැකි වුනත් එකම වෛද්‍යවරයකුගෙන් අවුරුදු සීමිත ගණනකදී මෙවැනි විශාල ප්‍රමාණයක් පැමිණිලි සිංහල/(?දමිළ) මවුවරුන්ට පැලෝපීය නාල අවහිර කිරීමකට හෝ එවැනි “වද” බාවයකට පත්වීමේ අවදානමකට අදාලව තිබේ නම් ඔහු නිසැකවම වැරදි කරුවෙකි. එසේම ඔහු අනෙක් ප්‍රසුත වෛද්‍යවරයකුට සාපේක්ෂව ඉතාම අඩු කාලයකින් මෙම සැත්කම සිදුකිරීමත් ඉතාම සැක කටයුතු කාරනාවක් වන අතර ඔහු ගැන දැන ගැනීමට ලැබුනේ අත්අඩංගුවට ගත් අන්තවාදී කණ්ඩායමක සැක කරුවකුගෙන් නිසා ඔහුට විරුද්ද මේ කරුණු තවත් සනාත වෙනවා. කුරුණෑගල රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියට ඔහු තර්ජනය කලේ කුමක් අරබයාද කියාත් මහජනතාව දැන ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ඔහු පොලිස් වාහනයේ ගමන් ගනිද්දී මුහුණ මුවා කර ගැනීමට ගත් උත්සාහයෙන්ම ඔහු කිසිසේත්ම නිවැරදි අහිංසකයකු නොවන බව නම් ඉතාම පැහැදිලියි. මේ මුහුණ මුවා කර ගැනීම ගැන අසාද් සාලි “අහිංසක” අර්ථ කථනයක් දීමට කල උත්සාහයද අප දුටුවා (“කොහොමද ඒ මනුස්සය මුණ දෙන්නේ” යනුවෙන්).
මේ අනුව අසාද් සාලිත් මේ සියල්ලේම “දැනුවත්” කොටස් කරුවකුදැයි සාධාරණ සැකයක් ඇතිවීම නොවැලැක්විය හැකියි.
කෙසේ නමුත් සාදාරණයක් ඉෂ්ට වීමට නම් විශේෂයෙන්ම අදාල නිලදාරීන් සහ මාධ්‍ය වේදීන් නොබියව කෙලින් සිටිය යුතුයි.