දේශීය පුවත්

බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය සිය වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර ඇතැයි හෝමාගම රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

අදාල වෛද්‍යවරිය ඉකුත් අප්‍රේල් මාසයෙ අවසන් සතියෙහි දිනක හෝමාගම රෝහලට බුර්කාව පැළඳ සේවයට වාර්තා කර බාහිර ප‍්‍රතිකාර ඒකකයේ රාජකාරියට පැමිණි අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පල කර ඇති අතර පසුව එම රෝහල් කාර්ය මණ්ඩලයද බුර්කාව පැළඳ රාජකාරී සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

පසුව රෝහල් ප‍්‍රධානීන් විසින් අදාල වෛද්‍යවරියගේ පියා රෝහලට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර වෛද්‍යවරිය ඇයගේ පියාට භාර දීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත.

එම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව මැයි මස 02 දින දක්වා රාජකාරියට වාර්තා කර නොමැති බවත් මැයි මස 02 දින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More