දේශීය පුවත්

කාන්තාවන්ට ව`ද සැත්කම් කළ බවට චෝදනා එල්ලවී ඇති වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාට එරෙහිව පවත්වන සියලූ පරීක්‍ෂණ වහා නතර කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයාට දැඩි බලපෑම් එල්ල කර ඇත.

මේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තහවුරු කළේය.

අදාළ පරීක්‍ෂණ නතර කරන ලෙසට කරන බලපෑම් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමැතිවරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසුවේය.

ඇමැතිවරයා සිදුකළ බලපෑම් සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයා එම අවස්ථාවේදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛා සමිතියට පැමිණිලි කර ඇත. අනතුරුව එම සමිතිය විසින් ඒ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැමිණිලි කළ බව වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කීවේය.

රටේ සෑම කෙනකුටම ක‍්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් බව කී වෛද්‍ය හරිත අලූත්ගේ මහතා වෛද්‍යවරයෙක් වරදක් කර ඇත්නම් ඔහු සිංහල ද මුස්ලිම් ද කියා නොසලකා ද`ඩුවම් කළ යුතු බව කීය.

මවුවරුන් හාරදහසක් නොව එක් මවක හෝ අනවසරයෙන් ව`ද සැත්කමකට ලක් කළ නොහැකි බව කී වෛද්‍ය අලූත්ගේ මහතා, ඒ ස`දහා අපක්‍ෂපාතී පරික්‍ෂණයක් සිදු කළ යුතු බවද කීවේය. එවන් පරීක්‍ෂණයක් කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් සිදු කරද්දී එම පරීක්‍ෂණය නතර කරන ලෙසට එම අධ්‍යක්‍ෂවරයාට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් බලපෑම් කිරීම සම්බන්ධයෙන් මැදිහත්වන ලෙසත් මේ සම්බන්ධයෙන් ඇමැති රාජිත සේනාරත්න මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ප‍්‍රකාශ කළේය.



One thought on “වෛද්‍ය ෂාෆිට එරෙහි පරීක්‍ෂණ නවතනු…කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂකට රාජිතගෙන් නියෝග…”

  1. ඔය දේසපාලු කාලකන්ණි සෙට් එකම හිරේ දාන්න පුළුවන් නම්!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More