දේශීය පුවත්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර හිස්බුල්ලා මහතාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථානමාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අවලංගු කිරීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ ලිඛිත නියෝගය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මන්සූර් මහතා විසින් මාරුවීම් සිදුකළ විදුහල්වල විදුහල්පතිවරුන් වෙත (24) වනදා යොමු කර ඇති අතර මාරුවීම් ලද ගුරුවරුන් පෙර සේවය පාසල්වල රාජකාරී සදහා අනිවාර්යෙන්ම වාර්තා කළයුතු බවටද නියෝග කර ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සිය බලතල පදනම් අනිසි ලෙස ක්‍රියාත්මක කරමින් නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වල ඉගැන්වීම් කරන මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් පාසල් වෙත මාරුකරමින් සිටින බවට හා කාත්තාන්කුඩියේ මුස්ලිම් සිසුන් වෙනුවෙන් වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැරසෙන බවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳ අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරයා දුරකතන මගින් සම්බන්ධ කර ගනිමින් එකී ස්ථාන මාරු වහාම අවලංගු කරන ලෙසට නියෝග කොට තිබිණි.

මේ අනුව නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් මෙකී මාරුකිරීම් සියල්ල අවලංගු කර ඇති අතර ඒ පිළිබඳ ලිපි සියළු විදුහල්පතිවරුන් වෙත යවා තිබේ.

ඒ අනුව මාරු වීම් ලද මෙම ගුරුවරුන් පෙර රාජකාරී කළ විදුහල්වල රාජකාරී සඳහා වාර්තා නොකළහොත් වැටුප් රහිත නිවාඩු ලබාදෙන ලෙසටද විදුහලතිවරුන්ට උපදෙස් දී තිබේ.

මේ අතර හිස්බුල්ලා මහතා විසින් මුස්ලිම් පාසල් 30ක් එක්කරමින් කාත්තාන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහායද ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More