දේශීය පුවත්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජනතාව ප්‍රකෝප කරවන අන්දමේ ප්‍රකාශ සිදුකරන බවත් ජාතික සමගියේ නාමයෙන් මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රටේ ආරක්ෂක අංශවලට අභියෝග කරන මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමට රනිල් මෛත්‍රී ආණ්ඩුවට කොන්දක් නැති බව පෙන්වා දෙන රණතුංග මහතා මුස්ලිම් ඡන්ද අපේක්ෂාවෙන් මෙවැනි මුස්ලිම් අන්තවාදීන් රකින තරමට ආණ්ඩුව පීචං වී ඇතැයිද පෙන්වා දෙයි.

උඩුගම්පල ශ්‍රී ලංකා පොදුජන කාර්යාලයේදී රැස්වීමකදී රණතුංග මහතා මේ බව සදහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

“මිනුවන්ගොඩ පසුගිය 13 වෙනිදා ඇතිවූ සිද්ධියෙන් පසු ඇතිවූ නොසන්සුන් තාවයක් සම්බන්ධව අත් අඩංගුවට ගත් හීනටියන ප්‍රදේශයේ පුද්ගලයන් කීප දෙනෙකු ඇප මත මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසාද් සාලි ආණ්ඩුකාරවරයා ඒ ගැන චෝදනා කර තිබුනා. ආණ්ඩුකාරවරයා වල්ගය පාගගෙන. ඇප මත මුදා හැරියේ හීනටියන පන්සලේදී අත් අඩංගුවට ගත් පිරිසක්. ඔවුන් අත් අඩංගුවට ගෙන තිබුනේ මිනුවන්ගොඩ සිද්ධිය මත නෙවෙයි. ඊට පහුවදා ඇතිවූ නොසන්සුන් තතවයක් සම්බන්ධවයි.

අසාද් සාලි මහතාගේ හැසිරීම බස්නාහිර පළාතේ ආණ්ඩුකාරධූරයට වටින්නේ නැහැ. ඔහු සිංහල ජනතාව කුපිත කරවන අන්දමේ ප්‍රකාශ සිදු කරනවා. මේ වගේ අය නිසා තමයි අපේ රටේ සිංහල මුස්ලිම් අයගැන විශ්වාසය පලුදු වෙන්නේ. අසාද් සාලි ආණ්ඩුකාරවරයා කල ප්‍රකාශ ජාතීන් අතර සමගියට බාධාවක්. ආණ්ඩුව රැක ගැනීමේ අරමුණින් මේ වගේ අන්තවාදී ප්‍රකාශ පිළිබද ආණ්ඩුව මුණුවත රකින බව පේනවා. රටේ ජාතික සමගියට එරෙහිව ප්‍රකාශ කරන මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටයි. ඔහු මේ පිළිබදව වහා පියවර ගත යුතුයි.

අසාද් සාලිට ඕනෙ විදියට වැඩ කරන්න අපේ රටේ ආරක්ෂක අංශ සූදානම් නෑ. රටේ තියෙන්නේ එක නීතියයි. සාලිට ඕන විදියට ඒක වෙනස් කරන්න බෑ. එක එක්කෙනාට ඕන විදියට නීති හදවන්න ගිහින් තමයි අද රටට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ.

රිෂාද් බදුයුදීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගය යට ගහන්න ආණ්ඩුව දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම දානවා. අපි විශ්වාස භංගය 06/07 ගන්න හදනකොට ඒකට ඉඩනොදෙන්නේ ඒකයි. මුස්ලිම් අන්තවාදය රකින්න තටයුතු කරන ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයට සාධාරණය ඉටු කරන්න අපොහොසත් වෙලා තියෙනවා.

රිෂාඩ්ට එරෙහි විශ්වාස භංගය නිසා අද ආණ්ඩුව තුන හතරට කැඩිලා. ආණ්ඩුව නියෝජනය කරන ක්‍රිස්තියානි මන්ත්‍රීන්වරුට විශ්වාස භංගයට පක්ෂ වෙන්නැයි ජනතාව බල කරනවා. ඒ වගේම T.N.A එකේ මන්ත්‍රීවරුන්ටත් ඒ තත්වය බලපාලා තියෙනවා. රිෂාඩ්ගේ විශ්වාස භංගයට විරුද්ධවෙන මන්ත්‍රීවරුන් ගැන මේ රටේ ජනතාව බලා ගනී. ඊළග මැතිවරණයේදී ඒ අයට හොද පාඩමක් උගන්වයි. ඒ වගේම ඒ මන්ත්‍රීවරුන්ට හෙට අනිද්දට ගමේ මරණයකටවත් වද්ද ගන්න රකක් නෑ. ගියොත් වෙන්නේ ගුටුකාලා එන්නයි. අද ආණ්ඩුවෙ මන්ත්‍රීවරුන්ට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසි වගේ දෙයක්. රිෂාඩ්ගෙ විශ්වාස භංගයට පක්ෂ උනොත් ආණ්ඩුව ඉවරයි. විරුද්ධ උනොත් ගමේ ගිහින් ඉවරයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන්ද මෙහිදී කථා කලහ.

– ප‍්‍රදීප් අනුර කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More