දේශීය පුවත්

පාස්කු ඉරිදා මෙරටට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස ප්‍රාන පරිත්‍යාගශීලීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරන බව කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි.

බොරැල්ලේ පිහිටි සියලු ශාස්තෘවරුන්ගේ දේවස්ථානයේදී ඊයේ(26) පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින් කාදිනල් හිමිපාණෝ මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්නමින් උන්වහන්සේ කියා සිටියේ ශ්‍රී ලංකාව ආගම් අදහන මිනිසුන්ගෙන් පිරුණු ජීවිතයක් ඇති රටක් බවයි.

‘‘ සමහර රටවල සමහර උදවිය කියන්න උත්සාහ කරනවා ආගම කියන්නෙ පෞද්ගලික දෙයක් පමණයි කියලා. සමාජ ජීවිතයට ඒක බලපාන්නෙ නෑ කියල. ඒක වැරදියි. ශ්‍රී ලංකාද්වීපය කියල කියන්නෙ ආගම් අදහන මිනිසුන්ගෙන් පිරුණු ජීවිතයක් ඇති රටක්. එදා කොච්චිකඩේ එහෙම නැත්නම් කටුවාපිටිය එහෙමත් නැත්නම් සියෝන් දේවස්ථානයේ එහෙමත් නැත්නම් ඒ ආපන ශාලාවල සේවය කරන්න ගිය ඒ අයත් තමන්ගෙ යුතුකම් ඉටු කරන්නයි ගියේ. ඒ නිසා මේ හැම කෙනෙක්ම අපට වටිනා වස්තුවක්. ඒ නිසා අප අගරදගුරු පදවිය පුරාවට සැලසුමු කරනවා මේ අපේ සහෝදර සහෝදරියන් ප්‍රාණ පරිත්‍යාගලීන් ලෙස ප්‍රකාශයට පත් කරන්නට.“ යැයිද උන් වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More