දේශීය පුවත්

ඇමැති රිෂාඩ් බදුදීන් සහ තමන් පුංචි කාලයේ පටන්ම ඉතා හොදින් දන්නා හදුනන යාළුවන් බවත් එකල ඔහුට තිබුණේ පා පැදියක් පමණක් බවත් වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක මායාදුන්නේ මහතා පවසයි.

අද බදියුදීන් ඇමතිවරයා ලංකාවේ සුපිරිම කෝටිපතියා වී සිටින්නේ විදේශවලින් මුදල් ගෙනැවිත් ඒවායෙන් අක්‍රමිකතා සිදුකර මුදල් උපයා ගැනීමෙන් බවට ඔහු චෝදනා කරයි.

තම ප්‍රදේශය වල ඉඩම් ව්‍යාපාරික ස්ථාන රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇමතිවරයා තමන්ටත් පවුලේ අයට පවරා ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

එම ඉඩම් භාවිත කරමින් මේ ආකාරයේ ගැටුම් නිර්මාණය කිරීමට එම ප්‍රදේශ භාවිතා කරමින් සිටින බවටද බදුර්දින් ඇමතිවරයා මේ වන විට අක්කර 3000-4000 ක් වැනි ප්‍රමාණයක් අත්පත් කරගෙන අවසන් බව ද මායාදුන්නේ මහතා පැවසීය.

මෙම ප්‍රදේශ භාවිතා කරමින් රටේ කලබල කාරී තත්වයන් ඇති කිරීමේ තෝතැන්නක් බවට පත්කර ඇති බවත් අද රටේ අපරාධ රැල්ලක් සිදු කරන පුද්ගලයෙක් බවට ඔහු පත් ව සිටින බව හිටපු සභානායකවරයා චෝදනා කළේය.

1999 වසරේදී රිෂාඩ් බදුර්දීන් පුත්තලම දිස්ත්‍රික්කයට එන්නේ ෂොපින් බෑග් එකක රෙදි දමාගෙන බවත් අද වන විට ඔහු ඇතුළු ඔහුගේ සියලු ඥාතීන් ප්‍රබල ඉතා ධනවත් ව්‍යාපාරිකයන් බවට පත්ව සිටින බවද කියා සිටියේය.

අද වන විට මහ බැංකුව මංකොල්ල කෑවා ට වඩා වැඩි මුදලක් හිමි ධනවතෙකු බවට රිෂාඩ් බදූදීන් පත්ව සිටින බවද පැවසූ ඔහු බදුර්දීන් සතුව පවතින ඉඩම් ගණනාවක නම් ලයිස්තු ද ඉදි කළේ ඒවා ඔප්පවල මිල ගණන් සදහන් කර ඇත්තේ වටිනාකම් අඩුවෙන් යොදා බවත් පැවසීය.

කොලඹදී (26) ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම විශේෂ හෙලිදරව්ව සිදු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More