දේශීය පුවත්

සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය ඉදිකිරීම සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා අතර ඊයේ (29දා) පැවැති කැබිනට් රැස්වීමේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති වූයෙන් එය සමථයකට පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිදුවිය.
‘හැමදේකටම ඔබතුමා අතදානවා’ යැයි මෙහිදී දයාසිරි ජයසේකර මහතා චෝදනා කළ අතර අර්ජුන රණතුංග මහතා ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේ ‘ක්‍රීඩාවට සම්බන්ධ ඕනෑම දෙයක් පිළිබඳ මැදිහත්වීමට තමාට යුතුකමක්’ ඇති බවයි.

එහිදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කීවේ, ‘එහෙනම් ක්‍රීඩා අමාත්‍යාංශයත් ඔබතුමාම භාර ගන්නා’ ලෙසයි. ඊට පිළිතුරු දුන් අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසුවේ ‘දැන් තියෙන අමාත්‍යාංශයත් එක්ක ක්‍රීඩා අමාත්‍යාංශය දුන්නොත් භාරගන්නා’ බවයි. මෙම උණුසුම් වචන හුවමාරුව සිදුවෙද්දී ඊට මැදිහත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසූයේ, ‘ඉදිරියේදී මේ ගැන සාකච්ඡා කරමු’ යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More