දේශීය පුවත්

ජනාධිපති වීමේ සිහිනයක් තමන්ට නොමැති බවත් රට හැදීමේ සිහිනය පමණක් තමන්ට ඇති බවත් ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේ පැවැති ප්‍ර‍ජා සත්කාරක වැඩසටහනකට අද එක් වෙමිනි. මව්රට සංවිධානය ඉදිරිපත් කළ එම ප්‍ර‍ජාසත්කාරක වැඩසටහන අවසානයේදී මාධ්‍යවේදීයකු විසින් “ඔබත් ජනාධිපති සිහිනයක ඉන්න බව පුවත්පත් වාර්තා කළා. ඒක ඇත්තද ? ”යි අර්ජුන රණතුංග අමාත්‍යතුමාගෙන් ප්‍ර‍ශ්න කළේය.

එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ “හැමෝම ඉන්නේ ජනාධිපති සිහිනයක. ඉතිං කොහොමද රට හදන්නේ. රට හදන්න නම් ජනාධිපති සිහිනය අගමැති සිහිනය ආණ්ඩු සිහිනය අත් හරින්න.” යනුවෙනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ජනාධිපති කෙනෙක් වීම මේ රටේ ජනතාව තීරණය කළ යුතු දෙයක්. එහෙම නැතුව එය එක එක්කෙනාට තීරණය කරන්න බැහැ. මේ වෙලාව පසුගිය පාස්කු ප්‍ර‍හාරයත් සමඟඅපේ රට ආර්ථිකය ඇතුළු සමාජීය ප්‍ර‍ශ්නයකට මුහුණ දෙන වෙලාවක්. මේක ජනාධිපතිවරු හදන්නවත්, අගමැතිවරු හදන්නවත්, ආණ්ඩු හදන්නවත් වෙලාවක් නෙමෙයි. අපේ රටේ ආර්ථික තත්ත්වය මේ ප්‍ර‍හාරයත් සමඟ ඉතාමත් නරක තත්ත්වයකට යමින් සිටින්නේ. විශේෂයෙන්ම සංචාරක අංශය කඩා වැටුණා. ව්‍යාපාරකයින්ට ගොඩාක් ගැටළු ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ජනාධිපති සිහින, අගමැති සිහන, ආණ්ඩු සිහින පැත්තකට දාලා විපක්ෂ පක්ෂ සියලු දෙනාම එකට එකතු වෙලා, දේශපාලන පක්ෂ පැත්තක තියලා රට වෙනුවෙන් මේ ප්‍ර‍ශ්නවලට මුහුණ දෙන්න ඕන.” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More