දේශීය පුවත්

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ඒ පිළිබඳව පැමිණිලි කර ඇත.

මෙම පැමිණිලි සිදුකළ මවුවරුන් හැඬූ කඳුළින් පවසා ඇත්තේ තමන් ප‍්‍රථම දරු ප‍්‍රසූතියෙන් පසු තවත් දරුවකු බිහිකර ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවද මේ වනතුරුත් දෙවෙනි දරුවා බිහිකර ගැනීමට නොහැකි වූ බවයි. ඒ සඳහා තමන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැයකර විවිධ පරීක්‍ෂණ හා ප‍්‍රතිකාර කළද තවත් දරුවකු ලබා ගැනීිමේ අවස්ථාව අහිමිවී ඇති බව එම මවුවරුන් කළ පැමිණිලිවල සඳහන් වෙයි.

කුරුණෑගල මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන නැඳුන්ගමුව මහතා වෙත මෙම මවුවරුන් ඊයේ මෙසේ පැමිණිලි කර තිබේ.

මේ ආකාරයට වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් මහතා සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ වාරියපොල, කුරුණෑගල, නිකවැරටිය, ගලේවෙල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක මවුවරුන් අද (27 දා) දින කුරුණෑගල මහ රෝහල වෙත පැමිණ ඒ පිළිබඳව පැමිණීලි කරන බවට රෝහල් බලධාරීන් වෙත ඊයේ දැනුම්දීම් කර තිබුණි.

මෙසේ දරුඵල අහිමිවූ වාරියපොල ප‍්‍රදේශයේ පදිංචි මවක් පවසා ඇත්තේ තමන් 2007 වර්ෂයේදී කුරුණෑගල මහ රෝහලේදී සිසේරියන් සැත්කමකින් තම ප‍්‍රථම දරුවා බිහිකළ බවයි. එම සැත්කම සිදුකරනු ලැබුවේ ෂාෆි සෙහාබ්ඞීන් මහතා විසින් බවද එම මව පවසයි. එම සැත්කමින් පසු වසර 12 ක් තිස්සේ දෙවන දරුවා බිහිකර ගැනීමට තමන් ගත් සියලූ උත්සාහයන් බිඳවැටී ඇති බවද එම මව කියා සිටී.

දෙවන දරුවා බිහි නොවීම නිසා ඒ සම්බන්ධයෙන් විවිධ පරීක්‍ෂණ කළ බවත් තම සැමියා පවා වෛද්‍ය පරීක්‍ෂණවලට ලක්වූ බවත් එම කාන්තාව රෝහලේ බලධාරීන් හමුවේ කියා සිටී. එම වෛද්‍ය පරීක්‍ෂණ හා ප‍්‍රතිකාරවලට රුපියල් ලක්ෂ 16 කට අධික මුදලක් වැය වුවත් මේ වන තුරුත් දෙවන දරුවා බිහි කිරීමට අපහසු වූ බවද එම මව රෝහල් බලධාරීන් හමුවේ ප‍්‍රකාශ කර ඇත.

මේ අතර කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි තවත් මවක් රෝහල් බලධාරීන් වෙත පැමිණිලි කරමින් කියා ඇත්තේ තමන්ට වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් මහතා විසින් 2011 වර්ෂයේදී සිසේරියන් සැත්කමක් සිදුකර පළමු දරුවා බිහිකළ බවයි. පළමු දරුවා බිහිවීමෙන් පසුව වසර 8 ක් තිස්සේ දෙවන දරුවා බිහිකර ගැනීමට උත්සාහ කළද මේ වනතුරුත් සාර්ථක නොවූ බවද මෙම පැමිණිල්ලේ සඳහන් වෙයි.

මේ ආකාරයට කුරුණෑගල මහ රෝහලේ හෙද නිලධාරිනියක වන මධුමාලි රූපසිංහ මහත්මිය වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් මහතාට එරෙහිව රෝහල් බලධාරීන් වෙත පැමිණිල්ලක් කර ඇත.

තමන්ට 2018 වර්ෂයේදී මෙම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් කළ බවත් එතැන් පටන් මේ දක්වා තමන් මුත‍්‍රා පද්ධතියේ දැඩි ආබාධයකින් පෙළෙන බවත් තමන් ඒ සඳහා වසරක් තිස්සේ ප‍්‍රතිකාර ලබා ගත්තද සුවයක් ලබා නැති බවටත් ඇයගේ පැමිණිල්ලේ දැක්වේ.

තවත් මවකට මේ ඉරණම අත්වීමට ඉඩ නොතබන ලෙසද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර කුරුණෑගල රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියේ වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් මහතා තමන් රාජකාරි කරන වාට්ටුවට අමතරව රෝහලේ ඇති දරු උපත් සිදුකරන අනෙක් වාට්ටු දෙකටද ගොස් ස්වෙච්ඡුාවෙන් එම වාට්ටුවල සිටින මවුවරුන්ටද සිසේරියන් සැත්කම් සිදුකර ඇති බවයි. මේ සම්බන්ධයෙන් සියලූ සාක්ෂි රෝහල් බලධාරීන් සොයා ගෙන ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More