දේශීය පුවත්

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර්දීන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් ද?’ යන පැනය රට හමුවේ මතුව ඇතැයි මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

රිෂාඞ් බදුර්දීන්ගේ පක්‍ෂයෙහි ප්‍රබලයකු වන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් එක්සත් ජාතික පෙරමුණෙන් 2015 මහ මැතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ පසු නැවත කුරුණැගල මහ රෝහලටම පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රකාව පවා ඉදිරිපත් කළේ බදුර්දීන් ඇමතිවරයා විසින් බවත් දෙදෙනා අතර පවතින දැඩි හිතවත්කම මත බදුර්දීන් උපයාගත් අයථා වත්කම් සඟවා තිබුණේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද, යන බරපතළ සැකය රට හමුවෙහි මතුවීම පහසුවෙන් බැහැර කළ නොහැකි බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මංගල සමරවීර, අනුර දිසානායක වැනි ඇමතිවරුන් අද මෙවැනි අනාවරණයක් සිදු කරන මාධ්‍ය ආයතන වෙත චෝදනා කරමින් සත්‍ය වසන් කරන බවත් අවසානයේදී දැඩි මාධ්‍ය මර්දනයකට පාර කැපීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් මෙහිදී මුසම්මිල් මහතා සඳහන් කළේය.

‘ජවිපෙට වහාබ්වාදීන්ගේ මුදල් ලැබිලා ද?’

ඇමති රිෂාඞ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය ගෙන ආ මොහොතේදී ජවිපෙ නායක අනුර දිසානායක ‘මුස්ලිම් ජන නායකයන් ඉවත් කිරීමට කටයුතු කළොත් මුස්ලිම් ප්‍රජාව අන්තවාදයට යනවා’ කියමින් ඔහු රැක ගැනීමට තැත් කිරීමත් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට වඳ සැත්කම් 4000ක් කළ බවට චෝදනා එල්ල වෙද්දී එය අනාවරණය කළ ජාතික පුවත්පතට පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගෙන මඩ ගැසීමත් ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රාහිම් තම පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමත් යන ක්‍රියා තුනෙන් පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණ වහාබ්වාදී ත්‍රස්තවාදයට උඩගෙඩ දෙන බව යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ජවිපෙ මෙම ක්‍රියා පිළිවෙතින් පෙනී යන්නේ එම පක්‍ෂය තුළ ‘වහාබ්වාදී මුදල් තොග’ සංසරණය වන බව යැයි ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා චෝදනා කර සිටියේය.

වහාබ්වාදී අන්තවාදය අද ලොව පුරා සෑම සියලු ක්‍ෂේත්‍රයක්ම ආක්‍රමණය කරමින් සිටින බවත් අල්ජසිරා වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන, ඇතැම් රටවල රාජ්‍ය නායකයන්, ඉහළ රාත්‍යතාන්ත්‍රිකයන් වහාබ්වාදී මුදල්වලට යට වී තිබෙන බවත් මුසම්මිල් මහතා මෙහිදී අනාවරණය කළේය. මෙම අන්තවාදී මතවාදය තුළින් සිදු වන අයහපත මුස්ලිම් ප්‍රජාවට පෙන්වා දීමට මුස්ලිම් දේශපාලනඥයන් සහ උලමා සභාවට නොහැකි වී ඇති බවත් ඔවුන් අද වහාබ්වාදයේ ගොදුරු බවට පත්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More