දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවකින් කේරළයේ ලක්ෂඩ්වීප් දිවයින් වෙත ගමන් කර ඇති අයි.එස්.අයි.එස්. ත්‍රස්තයින් 15 දෙනෙකු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ වාර්තාවකට අනුව කේරළ ආරක්ෂක අංශ දැඩි අවධානයකින් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බුද්ධි අංශ විසින් මේ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවට, වෙරළ පොලිස් ස්ථානවලට හා දිස්ත්‍රික් වෙරළ පොලීසියන්හි ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි.

“ මේ වගේ තොරතුරු සාමාන්‍ය දේවල්. නමුත් මෙවර අපිට අංකත් එක්ක ලැබී තිබෙන්නේ. මේ ගැන වෙරළ පොලිස් ස්ථාන හා දිස්ත්‍රික් වෙරළ පොලීසියන්හි පොලිස් ප්‍රධානීන්ට අපි දැන්වූවා කුමනාකාරයේ සැක සහිත බෝට්ටුවක් ගැන අවධානයෙන් සිටින්න කියලා ” යැයි ඉහළ පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.

මැයි 23 දා සිට ඉන්දීය ආරක්ෂක අංශ මේ පිළිබඳව අවධානයෙන් පසුවෙයි.

“ ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරත් සමග අපි ධීවර යාත්‍රාවලට හා වෙනත් ව්‍යාපාරිකයන්ට සැකසහිත කටයුතු පිළිබඳව අවධානයෙන් ඉන්න කියා දැනුම් දුන්නා.” යැයි එම පොලිස් නිලධාරියා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයත් සමගින් ඉන්දියාවේ කෙරළයේ ආරක්ෂාව තහවුරු කර තිබේ. ඒ කේරළයේ ප්‍රහාරයක් ඉල්ල කිරිමට අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පිරිසක් කටයුතු කරමින් සිටින බවට වාර්තා වූ තොරතුරු හේතුවෙනි.

එසේම ඉරාකයේ හා සිරියාවේ සිට පැමිණි සැලකිය යුතු අයි.එස්.අසි.එස්. ත්‍රස්තයින් පිරිසක් කේරළයේ සිටින බවටද බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.

NDTV/PTI ඇසුරෙනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More