දේශීය පුවත්

චෝදනා කීපයක් සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ⁣ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවෝ දෙදෙනක් අද(26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ.

වාරියපොළ සහ කුරුණෑගල ප්‍රදේශයේ විවාහක අවුරුදු 32 ක් සහ 29 ක් වයැසැති කාන්තාවන් දෙදෙනෙකු මෙසේ පැමිණිලි කර ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ඉදිරියේ එම කාන්තාවන්ගේ පැමිණිලි සටහන් කර ගැනීම සිදුවිය .

තමන් විවාහ වී කෙටි කාලයකදී ගැබ්ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කළ පළමු දරුවා බිහි කිරීමේ සිසේරියන් සැත්කම් වලින් යළි ගැබ් ගැනීමක් සිදු නොවූ බව ඔවුන්ගේ පැමිණිලේ සඳහන්ය .

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී තමන්ට සිසේරියන් සැත්කම් කළේ මේවනවිට වඳ සැත්කම් කිරීමේ චෝදනාවකට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයා වූ බැවින් තමන් නැවත ගැබ් ගැනීමකට ලක් නොවූයේ එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමේදී තමන්ව වන්ධ්‍යකරණයකට ලක්කර ඇතැයි සැක කරන බව නම සඳහන් කිරීමට අකැමැති වූ එම කාන්තාවෝ දෙදෙනා ප්‍රකාශ කළහ .

එම පැමිණිලි බාර ගැනීමෙන් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනාගේම කැමැත්ත අනුව හෙට (27) ඔවුන් වන්ධ්‍යකරණයට ලක්ව ඇතිදැයි අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂාවට ලක්කරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More