දේශීය පුවත්

වසර හයක සිර දඬුවම් නියම කර සිරදඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බව රාජපක්ෂ රෙජීම පාලනය විසින් අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩ සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව සදහන් කළ අතර ජනාධිපති සිරිසේන විසින් කරන ලද මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු ව ඇති බැවින් ජනාධිපතිගේ මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත් සදහන් කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගෙන් එම තීන්දුව නිසා තම ජීවිතයට තර්ජනයක් වී ඇති බවත් තමන් මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු තානාපති කාර්යාල දැනුවත් කරන බව ද ඇය සඳහන් කළාය.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ පසුගිය (23) පූර්ණ නිදහස ලබාදී තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More