විදේශ පුවත්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යධූරය සඳහා මේවනවිට පංච පුද්ගල සටනක් ආරම්භ වී තිබේ. විදෙස් වාර්තා පවසන්නේ අග්‍රාමාත්‍යධූරයට හිමිකම් කියන පාලක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා එම පක්ෂයේ ප්‍රභලයින් පස්දෙනෙකු මේවනවිටත් තරග බිමට පිවිස ඇති බවයි. ඒ අතර, විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජෙරමි හන්ට්, හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන්, ජාත්‍යන්තර සංවර්ධන කටයුතු පිළිබඳ ලේකම් රෝරි ස්ටුවර්ට්, සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඒස්තර් මැක්වේ ද වේ. කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට මෙන්ම අග්‍රාමාත්‍යධූරය සඳහා ද තරග වදින මොවුන් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රභල මතගැටුම් ඇති කර ගෙන සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව, බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය හෙවත් “බ්‍රෙක්සිට්” ක්‍රියාවලියේදී දෙපාර්ශවය විසින් ගනුදෙනු හෝ එකගතාවන්ට එළඹිය යුතු බව ඇතැමෙක් ප්‍රකාශ කරන අතර අනෙක් තරගකරුවන් පවසන්නේ එකගතාවන්ගෙන් තොරව යුරෝපා සංගමයෙන් සමුගත යුතු බවය.

කෙසේවෙතත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අනුව එළඹෙන ඔක්තෝම්බර් මස 31වනදා බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය. ඊට අදාළව අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් අවස්ථා 02කදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනා ගෙන එන ලදි.

එම අවස්ථා දෙකේදීම අදාළ යෝජනාවන් පරාජය වීම හමුවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම තීරණය කිරීමට තෙරේසා මේට සිදුවිය. කෙසේවෙතත් නව නායකයෙකු තෝරා ගෙන නව අග්‍රාමාත්‍යවරයෙකු නිර්මාණය කරනවා වෙනුවට, ජනතාව පිළිබඳ සිතා කඩිනමින් මහමැතිවරණයකට යොමු වීමට පාලක කන්සර්වේටිව් පක්ෂය කටයුතු කළ යුතු බව ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More