දේශීය පුවත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව අද සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදාව ප්‍රකාශ කළේ කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ බව කියන සහරාන් හෂිම්ගේ ඡායාරූප සහ එවැනි ඡායාරූප ඇතුළත් සී ඩී තැටි ළග තබාගත් බව කියන පුද්ගලයින් 09දෙනෙකු දුම්මලසූරිය සහ මාදම්පේ ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

එඩේරමුල්ල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ද පුද්ගලයින් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී අනන්‍යතාව තහවුරු කළ නොහැකි ජාතික හැඳුනුම්පත් සහ විදෙස් ගමන් බලපත්‍ර 80ක් සොයා ගත් බව යුද හමුදාව පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More