දේශීය පුවත්

අසීමිත දේපල උපයා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මහතා විසින් සිංහල මවුවරුවන් වඳ කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවන් පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතින බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ඉතාම පළපුරුදු විශේෂඥ වෛද්‍ය වරයෙකුට පවා සිසේරියන් සැත්කමක් සිදු කිරීමට විනාඩි 30ක පමණ කාලයක් ගත වුණත් ‍ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය වරයෙක් පමණක් වන ශිහාන් සිහාබ්දීන් එවන් සැත්කමක් විනාඩි 15කින් කළ හැකි බව පවසා ඇති බවත් ඔහු එසේ කරන්නේ කුමන හේතුවක් මත දැයි පැහැදිලි කර හෙළි කර ගත යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

එම වෛද්‍යවරයා සමඟ කාර්ය මණ්ඩලයේ සේවය කරන ලද කිහිපදෙනෙකු ද වෛද්‍යවරයාගේ සැක සහිත භාවය ඇති බව තමනට පුද්ගලිකවම දැනුම් දුන් බවද චන්න ජයසුමන මහතා කියා සිටී.

තෝරාගත් සිංහල කාන්තාවන් වඳ සැත්කම් කිරීම සඳහා යොදාගත් බවට ඔවුන් සතුව සාක්ෂි ඇති බව ද තමනට පැවසූ බවත් ඉදිරි පරීක්ෂණ සඳහා ඒවා ලබා දෙන බවත් ඔවුන් පැවසුවේ යැයි ද ජයසුමන මහතා කීය.

මෙම වෛද්‍යවරයා කුඩා දරුවන් වෙනත් පාර්ශ්වයකට පැවරීම සඳහා ඇඳ ඉහපත් වාර්තාව සටහන් වෙනස් කළ බවට එල්ල වු චෝදනාවන්ට පරීක්ෂණවලින් වරදකරු වී ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ ආකාරයේ සැත්කම් රට පුරා රෝහල් ගණනාවක සිදුව ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බව ද කී ඒ මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඉදිරියට පැමිණ නොබියව හෙළි කරන ලෙස වෛද්‍යවරුන් ගෙන් ආයාචනය කළේය.

අදාල චූදිත වෛද්‍යවරයාගෙන් තමන් වන්ද්‍යකරණයට ලක් වූ බවට පවසමින් මව්වරුන් කිහිප දෙනෙකුම පැමිණිලි කරමින් ඉදිරියට පැමිණ ඇති බවද කී ඔහු මෙසේ අසාධාරණයට ලක්වූ මවුවරුන්ට සාධාරණය ඉටු කර ඔවුන්ට වන්දි ගෙවිය යුතුද කියා සිටියේ ය.

මෙසේ අසාධාරණයට ලක් වූ මවකට රුපියල් මිලියන 100 ක වන්දියක් ලබා දීමට රජය මැදිහත් විය යුතු බව ද පැවසූ ඔහු අදාළ වෛද්‍යවරයාගේ දේපළ රාජසන්තක කර එම මුදල් සහ තවුෆික් ජමාත් සංවිධානයේ රාජසන්තක කරන ලද අති විශාල මුදල් සම්භාරය මෙසේ වඳභාවයට ලක්වූ මව්වරුන්ට වන්දි ගෙවීම සඳහා යොදා ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

අද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම අදහස් පළ කළේය.

වඳ කළ මව්වරුන් සොයා රාජසන්තක කළ තහුහිද් ජමාත් දේපළ සහ මුදල්වලින් ඔවුන්ට වන්දි දිය යුතුයි.

Gepostet von Channa Jayasumana am Samstag, 25. Mai 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More