සිසේරියන් සැත්කම් කරන අවස්ථාවේදී සිංහල මවුවරුන්ගේ ගර්භාෂයේ පැලෝපීය නාලය තුවාළ කොට ඔවුන් වඳ භාවයට පත් කළ බවට චෝදනාවට ලක්වී ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් නම් වෛද්‍යවරයා එවැනි ශල්‍යකර්ම කරන අවස්ථාවලදී ඊට එරෙහි වී ඇති නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියට තර්ජනය කොට ඇති බව කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සිදුවීම හෙලිදරව්වීමෙන් පසුව ඔහුගේ එම ක්‍රියාව ගැන දැන සිටි හෙදියන් සහ වෛද්‍යවරුන් පිරිසක් පොලිසියට කටඋත්තර දීමට සූදානම් වන බවද වාර්තාවේ.
මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මව්වරුන් වඳ කිරීමේ චෝදනාවට නොව සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ ප්‍රශ්න කිරීමට බවද වාර්තාවේ.
පසුගිය දිනවල එම සිදුවීම එළිදරව් කළ මාධ්‍යවේදීන්ට විරුද්ධව පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...