දේශීය පුවත්

රට සෑම අංශයකින්ම දැඩි අර්බුදයකට ගමන් කරමින් තිබෙන නිසා මීට විසඳුම් වශයෙන් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර කඩිනමින් පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාතික ආරක්ෂාව, රටේ ආර්ථිකය, දේශීය නිෂ්පාදන කෘෂිකර්මාන්තය හා වැවිලි ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ආයෝජන සංචාරක කර්මාන්ත ඇතුළු සෑම ක්ෂේත්‍රයකින්ම රට බරපතළ කඩාවැටීමකට ලක්වෙමින් පවතින නිසාත්, ඉදිරියේ දී මුළු රටම ඊටත් වඩා කඩා වැටීමකට ලක්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන නිසා වහාම පාර්ලිමේන්තු විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා රට තුළ දේශපාලන ස්ථාවරයක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියළුම දේශපාලන පක්ෂ නායකයින්ගේ අවධානය මේ සඳහා යොමු විය යුතු බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනවිත් 2/3 බහුතරයෙන් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවත්, ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලට මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට වගකීමක් තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More