දේශීය පුවත්

සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සිසේරියන් සැත්කම් වලින් සිංහල බෞද්ධ කාන්තාවන් විශාල පිරිසක් වඳ භාවයට පත් කළේ යැයිද චෝදනා ලැබා ඇත්තේ මෙම වෛද්‍යවරයා බව පොලීසිය කියයි.

සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකාර වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්විය .

එම මැතිවරණයෙන් අනතුරුව නැවත වෛද්‍ය සේවයට එක්ව ඇති මොහු වෛද්‍යවරයකුට කළ ⁣නොහැකි ආකාරයට සැකකටයුතු ලෙස ඉතා ඉහළ වත්කම් රැසක් උපයාගෙන සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයකයට අනුව විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.‍

මීට අමතරව ඔහුගේ සේවා කාලය තුළදී සිදුකර ඇති සිසේරියන් සැත්කම් 8000 කට අධික සංඛ්‍යාවක් සහ නාරිවේද සැත්කම් විශාල සංඛ්‍යාවක් සිංහල බෞද්ධ කාන්තාවක් විශාල පිරිසක් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බවද ජයලත් මහතා ප්‍රකාශ කළේය.

මෙම චෝදනාවට අමතරව මීට මාස තුනකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතියකට ඇතුළු වූ කාන්තාවගේ දරුවා වංචනික ලෙස වෙනත් කාන්තාවකට විකිණීම සම්බන්ධයෙන්ද සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් සිදුකරමින් සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.

මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ⁣ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ප්‍රකාශ ලබාදීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යරුන් පිරිසක්ද ඉදිරිපත් වී සිටින බවද වාර්තා වේ .

මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහුගේ ගිණුම් වලට කෝටි ගණනින් මුදල් ලැබී තිබෙන්නේ එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් කටයුතු සඳහා දැයි විමර්ශනය කරමින් සිටින බවද නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More