පුරවැසි කොලම

ජවිපෙ අනුර කුමාරට හදිසියේම රනිල්ගේ ආණ්ඩුව පෙරළන්නට හිතක් පහළ වී තිබේ. මේ තීරණයත් සමග මෙතෙක් අනුර කුමාරගේ වැඩ නිසා පාරට බහින්නට බැරුව සිටි ජවිපෙ සාමාජිකයන් මේ දිනවල ඉතා සතුටින් කල දවස ගත කරති. අනුර කුමාර රනිල්ට කඬේ යනවා කියූ බයියනේ ඇද්ද තොපිට හූ හූ යැයි කියති. ජවිපෙ සාමාජිකයන්ගේ මොළයටම ගැළපෙන අනුරගේ මෙම අපූරු සූත්තරය ගැන යමක් කීමට සිත් වූයේ ඒ නිසාය.
බෝම්බ ප්‍රහාරයෙන් සති තුනකට පමණ පසුව අනුරට හදිසියේ රනිල් ගැන ඇති විශ්වාසය බිඳී ගියේ කුමක් නිසාද?

මේ වන විට රිෂාඞ් බදුර්දීන්ට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. එකාබද්ධය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රිලනිපයේ ඇතැම් මන්ත්‍රීවරු පමණක් නොව එජාපයේ ඇතැම් මන්ත්‍රීවරු පවා ඊට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත්කර තිබිණි. මේ අනුව කුමක් සිදුවිය හැකිදැයි බැලීමට පළමුව වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය සලකා බැලිය යුතුය.

එක්සත් ජාතික පක්ෂය – 104 (මින් ආසන 6ක් රිෂාඞ්ගේය.)
ඒකාබද්ධය හා ශ්‍රිලනිපය – 97
දෙමළ සන්ධානය – 15
ජනතා විමුක්ති පෙරමුණ – 6
ඊපීඩීපී – 1
මුස්ලිම් කොන්ග්‍රසය – 1
රතන හිමි (ස්වාධීන) – 1

මේ සංයුතිය අනුව ඒකාබද්ධය, නිදහස් පක්ෂය හා ද්‍රවිඩ සන්ධානයේ ඡන්ද ටික එකතු වුවද විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 113ක් ලැබේ. එජාපයේ යම් පිරිසක් මීට පක්ෂව ඡන්දය දෙතොත් තත්ත්වය හොඳටම බරපතළය. නිදහස් පක්ෂයේ කීප දෙනෙක් ඊට පක්ෂ නොවී සිටියද එජාපයේ ඡන්දවලින් එය සමතුලිත වීමට ඉඩ ඇත. එසේ වුවහොත් රිෂාඞ් අමාරුවේ වැටෙයි. රිෂාඞ් අමාරුවේ වැටීම යනු ආණ්ඩුවද අමාරුවේ වැටීමකි. අනුර කුමාර නානා අමුතුම පිනුමක් ගසමින් පිටියට පිවිසෙන්නේ එවිටය. ඔහු හදිසියේ අවදි වී රිෂාඞ්ට නොව මුළු ආණ්ඩුවටම එරෙහි විශ්වාස භංගයක් ඉදිරිපත් කරයි. එසේ කරමින් තමා පට්ට ආණ්ඩු විරෝධියෙක් බවද රටට පෙන්වයි. එහෙත් ඔහුගේ සැබෑ අරමුණ වන්නේ මේ හරහා ආණ්ඩුව සහ රිෂාඞ් යන දෙකම බේරා ගැනීමය. එය සිදුවන්නේ කෙසේද?

රිෂාඞ්ට එරෙහි විශ්වාස භංගය ජයග්‍රහණය කළ හැකි මට්ටමේ තිබුණද සමස්ත ආණ්ඩුවටම එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංගයක් ප්‍රායෝගිකව ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැත. දෙමළ සන්ධානය රිෂාඞ්ට එරෙහිව ඡන්දය දුන්නද රනිල්ගේ ආණ්ඩුව පෙරළීමට කිසිදා ඡන්දය ලබාදෙන්නේ නැත. එය එසේ වුවද ආසන 104ක් ඇති ආණ්ඩුව පිදුරු ගහෙන් එල්ලී තිබෙන ආණ්ඩුවක් වන බැවින් සුළු ඔලු ගෙඩි එහා මෙහා වීමකින් වුවද ආණ්ඩුව පැරදීමට ඉඩ ඇත. අන්න එතැනදී ආණ්ඩුවට තමන් සමග සිටින රිෂාඞ් බදුර්දීන්ගේ මන්ත්‍රී ආසන 6 අතිශය තීරණාත්මකය. ආණ්ඩුවට පණ බේරා ගැනීම සඳහා රිෂාඞ් නැතිවම බැරිය.

“යූඇන්පී එකේ එකෙක් හරි මට විරුද්ධව ඡන්දේ දුන්නොත් මම ආණ්ඩුවට පක්ෂව ඡන්දෙ දෙන්නේ නෑ… මගේ ආසන හය නැති වුණොත් විශ්වාස භංගයෙන් ආණ්ඩුව පරදිනවා…”

මෙසේ තර්ජනය කරමින් එජාපය බය කිරීමට රිෂාඞ්ට අවස්ථාව ලැබෙන්නේ අනුරගේ විශ්වාස භංගය නිසාය. අනුර කුමාරගේ මෙහෙවර වන්නේ රිෂාඞ්ට එරෙහිව ලැබෙන එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද නතර කරදීමය. රිෂාඞ්ගේ ප්‍රශ්නයේදී දෙකට බෙදීමට නියමිත එජාපය එක්සත් කර දීමය. එවිට රිෂාඩුත් රනිලුත් දෙදෙනාම ආරක්ෂා වෙයි.

අනුර කුමාර 2005 දී රනිල් දිනවීමට කැපවුණේ ජවිපෙ ජනාධිපතිවරණයට තනිව තරඟ කළ යුතු බවට පක්ෂය තුළ රණ්ඩු කරමිනි. ඔහු 2010දී ෆොන්සේකා රූකඩයට මුවා වී රනිල් දිනවීමට සෘජුවම වැඩ කළේය. 2015 දී වටෙන් කැරකී පිනුම් ගසමින් රනිල් දිනවීමට මහන්සි වුණේය. 2018 ඔක්තෝබර් බල පෙරළියේදී ජන රැළි එක පිට එක තියමින් උසාවි ගානේ දුවමින් රනිල් බේරාගැනීමට කටයුතු කළේය. එසේ කළ අනුර අද රනිල්ට එරෙහි විශ්වාස භංගයක් ඔස්සේ රනිල් රැකීමට ඉදිරිපත් වී තිබේ. ඔහු ඇත්තටම රනිල්ගේ පංචායුධය වැනිය. විවිධාකාරයේ ආයුධවලින් මැජික් පෙන්වමින් තමන් රකින මෙවැනි ආරක්ෂකයෙකු රනිල්ට කිසිදාක හමුවන්නේ නැත. ජවිපෙ නොමේරූ ළදරුවන්ට හැර ලෝකයේ ඕනෑම අයෙකුට මේ නාඩගම වැටහෙයි.

අනුර යනු රනිල්ගේ පංචායුධය බව ඔවුන්ට පැහැදිලි කරදීමට වඩා අයිඑස්අයිඑස් කාරයෙකුට දේව කන්‍යාවන් නැති බව පැහැදිලි කර දීම ඉතා පහසුය.

ඉසුරු ප්‍රසංග



One thought on “අනුර නානාගේ විශ්වාස භංගයෙන් රිෂාඩුත් රනිලුත් දෙදෙනාම රැකෙන හැටි”

  1. රනිල්, රිෂාඞ් බදුර්දීන් සමග ආණ්ඩුවත් රැකෙනවා විතරක් නෙවෙයි අනෙක් පක්ෂ වලින් ගිලිහෙන මුස්ලිම් චන්දත් මෙයාගේ ඔඩොක්කුවේ. චන්ද කාලෙට වියදම් කරන්න ඇති වෙන්න සල්ලිත් ලැබේවි. මෙයාලගේත් පාර්ලිමේන්තුවේ තවත් කීපදෙනේක්ගේත් වත්කම් අනිවාර්යයෙන්ම සෝදිසි කරන්න වෙනවා.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More