දේශීය පුවත්

බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළ නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කතෝලික මැති ඇමැතිවරුන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩු පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරකම් වලට එකඟ විය නොහැකි බවත් ඊට එරෙහිව ක්‍රියාකරන ලෙසත් කතෝලික ආගමික නායකයන් විසින් කතෝලික දේශපාලනඥයන් හමුවේ කියා තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු මතෛක් ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය අනුව තම ප්‍රදේශවල ජනතාවට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් කතෝලික මැති ඇමැතිවරු තම දේශපාලන ප්‍රධානීන්ට දන්වා තිබේ.

කතෝලික ආගමික නායකයන් විසින් අදාළ දේශපාලන නායකයන්ට පාස්කු ප්‍රහාරය හෙළා දකින ලෙස සහ එම ප්‍රහාරයෙන් පසු ආණ්ඩුව ක්‍රියාකරන සමහර ක්‍රියා කලාපයන් වලට එරෙහිව පියවර ගන්නා ලෙස සිදුකරන දැනුම්දීම නිසා අදාළ දේශපාලනඥයන් මෙම තීරණය ගැනීම සඳහා බෙහෙවින් බලපා තිබේ.

ආණ්ඩුවේ සිටින ඇතැම් කතෝලික දේශපාලනඥයන්ට පාස්කු ප්‍රහාරයෙන් පසු මේ වනතෙක් ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය නිසා තම ගම්මානවල ජනතාව මුණගැසීමට නොහැකි තත්ත්වයක්ද උදාවී තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ආණ්ඩුව තේරීම්කාරක සභාවක් පත්කිරීමට තීරණය කළ අතර එම තේරීම් කාරක සභාවට පත් කෙරුණු කතෝලික බැතිමතෙකු වන කාවින්ද ජයවර්ධන එම තේරීම් කාරක සභාවෙන් මේ වන විට ඉල්ලා අස්වී ඇත.

මේ අතර රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාද රිෂාඩ් බදියුදීන්්ට එරෙහිව පියවරක් ගන්නා ලෙස ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ලකර සිටී. ඔහුද කතෝලිකයෙකි. තවද පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිද පාස්කු ප්‍රහාරය පිළිබඳව රජයේ ඇතැම් ක්‍රියාකලාපයන් හෙළා දැක ඇත. ඔහුද කතෝලික බැතිමතෙකි.

මේ ආකාරයට ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් හමුවේ තවදුරටත් ආණ්ඩුව සමග සිටීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ආණ්ඩුවේ සිටින කතෝලික ඇමැතිවරු පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More