පුරවැසි කොලම

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ආර්. 2 පී ප්‍රඥප්තිය සිහිපත් කරමින් ශ්‍රී ලංකාවට අනතුරු අ`ගවා ඇත. මේ ප්‍රඥප්තිය යටතේ රටෙහි ජනතාව රැකීමට රජය අපොහොසත් නම් සාම හමුදාවක්‌ මෙරටට එවීමට හැකිවේ. මෙම ආර් 2 පී ප්‍රඥප්තිය ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සිහිපත් කළේ බී. බී. සී. සේවාව සහ බ්‍රිතාන්‍ය පුවත්පත් තුනක්‌ මෙරට පවතින තත්ත්වයට සිංහල බෞද්ධයන්ට දොස්‌ නැ`ගීමය. මෙහිදී අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ බිහිසුණු ප්‍රහාර අමතක කර ඇත. ඒ වෙනුවට මෙරට මුස්‌ලිම් ජනතාව ඇවිස්‌සීම සඳහා ශුද්ධ වූ කුරාණය බිමට විසි කර ඇති බව ලන්ඩන් ගාඩියන් පුවත්පත කියා සිටියේය.

එහෙත් පාස්‌කු ඉරිදා සිද්ධියෙන් දින ගණනකට පසු වයඹ පළාතේ සිදු වූ ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ පිරිස ගැන එම මාධ්‍ය හෙළි කළේ නැත.

මෙරට ඩොලර් අරමුදල් ලබන්නන් සහ විදේශ රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ සතියේදී සාවද්‍ය තොරතුරු තොග පිටින් විදේශගත කරනු ලැබීය.

එහෙත් රජය බලාසිටියේය.

සමාජ ජාල මාධ්‍ය අවහිර කරනු ලැබුවත් ඇතැමුන් විසින් උපක්‍රම භාවිත කරමින් සාවද්‍ය පුවත් හා ඡායාරූප විදේශ ගත කළහ. ජර්මනියේ ෙ-. සී. එස්‌. සංවිධානය ඊට හොඳම නිදසුනකි.

මේ පසුබිම මැද මෙරට ගිනි ඇවිලවීමට උත්සාහ කරන්නේ කවුරුන්ද යන්න සනාථ වී තිබේ. 1983 ජුලි කලබලය අපි දුටුවේය. කොළඹ බණ්‌ඩාරනායක සමරුහලේ පැවැති සෝනි සමාගමේ මාධ්‍ය සාකච්ඡාවට ගිය අපට අතරම`ගදී එය නතර කර දැමූ බව සංවිධායකයන් පැවසුවේ බොරැල්ලේ කලබල සිදුවන බව පැවසීම නිසාය.

එවකට අමාත්‍ය සිරිල් මැතිව්ගේ පාලනය යටතේ පැවැති දුම්කොළ සංස්‌ථාවේ මැරවරයන් ත්‍රිරෝද රථවල නැ`ගුණු මැතිවරණය පොලු මුගුරු රැගෙන යන අයුරු අපට දැක ගත හැකිය.

එම කලබලකාරී තත්ත්වය මහා විනාශයක්‌ විය. සිංහල සිනමාවට අපමණ සේවයක්‌ කළ චිත්‍රපට අධ්‍යක්‍ෂ වෙස්‌කුඩ් පැට්‌රෝම්d ගමන් ගත් රිය කළුබෝවිලදී නතර කළ මැරයන් ඔහුට පහරදී රථයට ගිනිතබා ඔහුව මරා දැමූහ. හැදල විජය චිත්‍රාගාරයද ගින්නෙන් දැවී ගියේය.

එදා ෙ-. ආර්. ජයවර්ධන රජය මේ මැර කල්ලි අත්අඩංගුවට ගත්තේ නැත. ඒ වෙනුවට කොමියුනිස්‌ට්‌ පක්‍ෂය සහ ජ. වි. පෙ. තහනම් කෙරුණි.

වයඹ පලාතේ සිදුවීම්වලටද පිටස්‌තර පිරිස්‌ සම්බන්ධ බව හෙළි විය. එහිදී සිදු වු දේපළ විනාශය කිව නොහැකි වේ. මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් ඇතැම් පාර්ශව වයඹ මුස්‌ලිම් පල්ලි ගින්නෙන් විනාශ වී ඇති අයුරු දැක්‌වෙන ඡායාරූප ලොව පුරා විනාශය කරනු ලැබීය.

මින් ලෝක ප්‍රජාවට පෙන්නුම් කිරීමට උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් හා කතෝලිකයන් මුස්‌ලිම් දෙව්මැඳුරු විනාශ කර ඇති බවයි.

මේ පසුබිම මැද ආර් 2 පී නමැති ප්‍රඥප්තිය මෙරට ක්‍රියාත්මක කිරීමට මෙයට පෙරද උත්සාහයක්‌ දියත් වූ බව හෙළි විය. කොටි සංවිධානය බේරාගැනීම සඳහා කොළඹ වාර්ගික අධ්‍යයන ආයතනයේ ප්‍රධානී රාධා මානි එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකාවට සාම හමුදාවක්‌ එවන්නැයි ඉල්ලා තිබුණි.

මේ ගැන හිටපු ආරක්‍ෂක ලේකම්ට වාර්තාවීමත් සමගිම ඇය මෙරටින් පිටුවහල් කරන ලෙස නියෝග කෙරුණි. මෙම තත්ත්වය මත ජීවිතේටවත් අසා නැති පුද්ගලයන් ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් විරෝධී ක්‍රියාදාමයන් සිදුවන බවට බ්‍රිතාන්‍යයේ මේල් පුවත්පතද විවිධ ෙdතරතුරු ප්‍රචාරය කර තිබුණි.

මෙම පසුබිම මැද අවිආයුධ ෙඩ්‍රාaන් යානා මෝටර් ජෙට්‌ පුහුණු කඳවුරු ඇතුළු ආරක්‍ෂක නිවාස රැසක්‌ අයිසිස්‌ ක්‍රියාකාරීන් විසින් පවත්වාගෙන ගොස්‌ ඇතැයි හෙළි විය.

පාස්‌කු ඉරිදා බෝම්බ පිපිරීම් සිදු නොවූයේ නම් මේ විනාශකාරී අවිආයුධ අසු නොවේ. මෙහිදී ජනතාව විමසන්නේ අයිසිස්‌ ක්‍රියාකාරීන් මේ උපාංග රැස්‌කරන තුරු රජය කුමක්‌ කළේද යන්නයි.

මේ අතර නැගෙනහිර අයිසිස්‌ ඉස්‌ලාමීය අන්තවාදීන් ගැන අවධානය යොමු කරගෙන සිටි බුද්ධි අංශ නිලධාරියෙක්‌ යළි සේවයට කැඳවා තිබේ. ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. මෙම නිලධාරියා යළි සේවයට කැඳවීම ගැන විවිධ එන්. ජී. ඕ. පාර්ශව විරෝධය දක්‌වා තිබේ.

ප්‍රභාකරන් බිහිසුණු මිනිස්‌ ඝාතන සිදු කරද්දී නිහඬව සිටි මේ මාධ්‍ය සංවිධානවලට ජාතික ආරක්‍ෂාවට මැදිහත් විය හැකිද? එම බුද්ධි නිලධාරියා චෝදනා ලැබූවකු වන අතර වරදකරු වී නැත. 1971 අප්‍රේල් කැරැල්ලේ ප්‍රචණ්‌ඩකාරීන් මාධ්‍යවේදීන් බවට පත්වී තිබියදී මේ බුද්ධි නිලධාරියා යළි සේවයට ගැනීමට එන්. ජී. ඕ. වලින් විමසිය යුතුද? මෙරට අද සියලු දේටම වඩා වැදගත් වන්නේ රටේ ජාතික ආරක්‍ෂාවයි.

එහෙත් 2015 සිට 2019 අප්‍රේල් 21 දක්‌වා ජාතික ආරක්‍ෂාව අභාවයට තිබේ. බුද්ධි ප්‍රධානීන් ඉවත් කිරීමට රටේ නායකත්වයට උපදෙස්‌ දුන්නේද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ය. ජනාධිපති බලතල අහෝසි කළ යුතු බවටද උද්ඝෝෂණ දියත් විය.

හමුදා ප්‍රධානීන් ඇතුළු 18 කගෙන් රහස්‌ පොලිසිය ප්‍රශ්න කර තිබුණි. මේ සියලු ප්‍රශ්න කිරීම්වලට මූලික වූයේද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ය.

රටේ ජාතික ආරක්‍ෂාව මෙලෙස රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පාලනය කරද්දී ආරක්‍ෂක ලේකම් ධුරයද ආරක්‍ෂාව විෂය ගැන දැනීමක්‌ නැති පාර්ශවවලට හිමිවිය.

මෙම අවාසනාවන්ත තත්ත්වය රටේ ජනතාව බලා සිටියේය. එහෙත් ජනතාවට කළ හැකි දෙයක්‌ නැත.

රටේ ජාතික ආරක්‍ෂාවට වඩා සංහිඳියාව ගැන රජය කටයුතු කරද්දී පාස්‌කු ඉරිදා බෝම්බ පිපිරීම සිදුවිය. එහෙත් මේ බෝම්බ පිපිරීම් මෙහෙය වූවේ කවුරුන්ද එම ප්‍රහාර පිටුපස සිටියේ කවුද? බෝම්බකරුවන් ඉන්දීය තානාපති කාර්යාලයට ගලධාරී සහ හිල්ටන් හෝටලයට අතනොගසා ශැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ප්‍රහාර එල්ල කළේ dමන්දැයි යන බරපතල ප්‍රශ්නවලට පිළිතුරු හෙළි වී නැත.

මේ අතර එක්‌ මුස්‌ලිම් ඇමැතිවරයෙක්‌ රූපවාහිනි චැනලයක්‌ මෙහෙය වන බව හෙළි වී ඇත. මේ මුස්‌ලිම් ඇමැතිවරයාට විකාශන බලපත්‍රය දුන්නේ කවුද?

මෙවන් තත්ත්වයක්‌ මැද ආර් 2 පී ප්‍රඥsටප්තිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ පටු දේශපාලන අරමුණකින් බව පැහැදිලිය.

ඉරාකය, ලිබියාව යේමනය යන රටවල් අද අරාජික වී ඇත. මේ තත්ත්වය මෙරට ඇති කිරීමට විදේශික ඒජන්තවරු බලාසිටිති.

ඊට හොඳම නිදසුන සොපා හෙවත් ඇමරිකානු ආරක්‍ෂිත ගිවිසුමයි. මෙම සොµd (Sදෙa) ගිවිසුම මාල දිවයිනටද යොමු විය. ඇමරිකානු හමුදා ඉන්දියාව සමග මලබාර් හමුදා අභ්‍යාසවල යෙදීම සඳහා ඉදිරිපත් වූ අවස්‌ථාවේ එම අභ්‍යාසයට සම්බන්ධ ඇමරිකානු හමුදා භටයන්ට තානාපති මුක්‌තිය ලබාදිය යුතු යෑයි කියන ඉල්ලීම ඉන්දීය රජය ප්‍රතික්‍ෂේප කළේය.

මෙවන් පසුබිමක්‌ මැද ඇමරිකාව මෙමා සොµd හෙවත් ආරක්‍ෂක ගිවිසුම අත්සන් කරන ලෙස ශ්‍රී ලංකාවට බලකරන්නේ මන්ද?

මෙරට ඇමරිකානු තානාපති ඇලෙයිකා ටෙප්ලිම්ස්‌ මෑතකදී පැවසුවේ ඇමරිකානු හමුදා මෙරටට පැමිණීම තාවකාලිකව සිදුවන දෙයක්‌ බවත් එම හමුදා මෙරටට එන්නේ ශ්‍රී ලංකා රජයේ ඇරයුම මත බවත්ය.

එහෙත් ශ්‍රී ලංකා රජය ඇමරිකානු හමුදාවට මෙරටට එන ලෙස ඇරයුම් කර ඇතැයි ජනතාවට හෙළි කර නැත.

මේ හැර හමුදා බුද්ධි සේවාවේ කටයුතුවලටද ඇමරිකානු තානාපතිනිය ක්‍රියා කර ඇත. ඇය පවසන්නේ මෙරට හමුදා බුද්ධි සේවාවට සුදුවෑන් සිද්ධිවලට සම්බන්ධ නිලධාරියකු පත් කිරීම අනුමත නොකරන බවයි.

එසේ නම් විදේශ රටවල ඝාතන මෙහෙය වූ ඇමරිකානු සී. අයි. ඒ. නිලධාරීන් රැසක්‌ එම සංවිධානය තුළ තවදුරටත් සේවය කරන්නේ කෙසේද? ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය විවිධ මිනීමැරුම් සිදු කිරීමට රහසිගත ඝාතන කණ්‌ඩායම් මෙහෙයවා තිබේ.

මේ ඝාතන කණ්‌ඩායම් ගැන ඇමරිකානු තානාපතිනිය නිහඬව සිටී. ඒ නිසා ඇයට මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් වීමට කිසිදු අයිතියක්‌ නැත. අල්කයිදා නායක බින්ලාඩන් සහ අයිසිස්‌ නායක අබුබකර් බැග්ඩෑඩ් පවා නිර්මාණය කරන ලද්දේ ඇමරිකාවයි.

පාස්‌කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූයේ අයිසිස්‌ සංවිධානය බව අබුබකර් අල් බැග්ඩෑඩි පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

වොෂින්ටන් පෝස්‌ට්‌ මාධ්‍යවේදී ජමාල් කසහෝගි ඝාතනය ගැන සව්දි අරාබියාවේ සිදු වූ කතාබහ පටිගත කරගැනීමට ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානයට හැකි වූයේ නම් අයිසිස්‌ නායකයා පණිවුඩය එව්වේ කුමන ස්‌ථානයක සිට දැයි හසුකරගැනීමට ඇමරිකාවට නොහැකිද?

කෙසේ වෙතත් පාස්‌කු ඉරිදා ප්‍රහාරයේ ජාත්‍යන්තර සබඳතාවද මෙහෙයුම්කරුවන්ද මෙතෙක්‌ හෙළි වී නැත. එහෙත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිස කෝටිපතියන්ය. බංගලදේශයේ ත්‍රස්‌ත ප්‍රහාරය සම්බන්ධ වූ පිරිසද ධනවතුන් විය.

මොවුන් මේ බිහිසුණු ප්‍රහාර එල්ල කිරීමේ අරමුණ තහවුරු වී නැත. ඊට ඇමරිකානු සලකුණු සම්බන්ධ බවට සැක කළ හැකිය.

ජපන් ආරක්‍ෂක ඇමැති හම්බන්තොට වරාය පරීක්‍ෂාවට ලක්‌කිරීම සහ ඇමරිකානු ශාන්ති කර කලාපීය නාවික හමුදා ප්‍රධානියා වත්මන් ගුවන් තොටුපලට පැමිණීම යන කරුණු අවධානයට යොමු විය යුතුව ඇත.

එසේම මෙරට යුද්ධයක්‌ නැති අවස්‌ථාවක ඇමරිකානු හමුදා යුද අභ්‍යාස පැවැත්වීමට ඉදිරිපත් වීමද විශ්මය දනවන කරුණකි. එහෙත් රටේ බහුතරයේ විශාල පිරිසකට ඇමරිකාවේ සැ`ගවුණු ක්‍රියාදාමය අවබෝධ නොවේ.

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් 260 ක්‌ ඇමරිකානු මැරයින් සේනාංකයන් මගින් බේරා ගැනීමට ගත් උත්සාහය 2009 දී ව්‍යර්ථ වීමත් සමගම ඇමරිකාව සිය ඉදිරි පියවර දියත් නොකළේ යෑයි කිව හැකිද? මේ තත්ත්වය මත ඇමරිකානු ආරක්‍ෂක ගිවිසුම සම්බන්ධ රහස්‌ ලියවිල්ලක්‌ 2018 අගෝස්‌තු 28 දා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් විදේශ අමාත්‍යාංශයට යවා තිබුණි. එහෙත් මේ ගැන රජය තොරතුරු වසන් කළේය. මේ රහස්‌ ලියවිල්ලේ දන්වා තිබුණේ ඇමරිකානු හමුදා මෙරටට පැමිණීමයි.

කීර්ති වර්ණකුලසූරිය



One thought on “සාම හමුදාවක්‌ ගෙන්වීමේ සංකල්පය පසුබිමේ ඇමරිකානු ආරක්‍ෂක ගිවිසුම”

  1. “ග්ලෝබල් අයිසිස්” එකට ලංකාවට ගහන්න ප්‍ලෑනක් තිබුන නම් ඒකේ වගකීම ගන්න ඒ සංවිධානය පරක්කු වුනේ ඇයි ? ඇමරිකාව වක්‍රාකාරව ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් හරහා ” බොරු ග්ලෝබල් අයිසිස් ” එකක් ලංකාවෙ මවා පෙන්නුව. ඉන් පස්සේ බදුදීන්ගේ මීඩියා යුනිට් එක පල්ලි වලට ගහපුවා ප්‍රසිද්ද කලෙත්, බී. බී. සි යට අනුබද්ද අල් ජසීරා මාද්‍ය කරුවා එවැනි දේ කලින්ම ඉල්ලා සිටියේත් මේ “බොරු ග්ලෝබල් අයිසිස් ” එක “ඇත්ත ග්ලෝබල් අයිසිස් ” එකක් කරන්නයි.

    සරණාගතයින් කියල විල්පත්තුවේ /කල්මුනේ ඉන්න අය අතරේ සිරියාවෙන් පැන ගත්ත මේ “ග්ලෝබල් අයිසිස් ” අයත් ඉන්නවා නම් දැන් ඔවුනුත් මේ සටනට එකතු කරගන්න පුළුවන්. බටහිර රටවල් විසින් එම රටවල් සූරා කෑම සදහා යුද වැද අවතැන් කරපු මිනිසුන් ඒවාට කිසිම සම්බන්දයක් නැති දුප්පත් අපේ රට බාරගත්තේ ඇයි? හිස්බුල්ලාගේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්න එයාගේ බංගලාදේශ මිතුරාගේත් උවමනාවට නොවේද?

    මරාගෙන මැරෙන ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් ඒ සදහා කලින් ගිහින් තිබුනේ පවුල් පිටින් සිරියාවට. ඒ වගේම එක් බෝම්බ කරුවෙක් රැඩිකල් වෙලා තිබුනේ එන්ගලන්තේ/ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගියාට පස්සේ. ඒක මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. මේ බටහිර රටවල මැද පෙරදිග ප්‍රවුර්ති වාර්තා කිරීම වෙන්නේ ඉතාම පක්ෂපාති ” ඇමරිකානු ගැති ” විදියට. එල් ටී ටී ඊ යුද්ද කාලෙත් මේ විදියට අමුලික බොරු කිව්වා. ඒවා අහන ලංකාවේ සිංහල අය හොදටම තරහින් හිටියා, පෙළපාලි ගියා . ඒත් මරාගෙන මැරෙන්න තරම් වෛරයක් සිංහල අයට නැති වුනාට තමන්ගේ ආගමේ එහෙම කරන්න කියනවා කියල අදහන මුස්ලිම් අයට මේ මරාගෙන මැරෙන එක හොද දෙයක් වගේ පේනව ඇති. නවසීලන්ත ප්‍රහාරය මේ අයව අලුතෙන් ප්‍රාණවත් කරන්නත් ඇති.

    කොහොම නමුත් අපේ රටට ඇමරිකාව ගහපු ප්ලෑන සෑහෙන කාලෙකට ඉස්සර ඉන්දියාවත් හවුල් කරගෙනම කලා කියල තමයි පේන්න තියෙන්නේ.( මතකයිනේ ඉන්දියන් එම්බසියේ තිබුනයි කියන සාකච්චා. එතකොට අර එක්කෙනෙක්ගේ පුතෙක් ඩොලර් සල්ලි මිටි තමන්ගේ නෑයකුගේ ගෙදර හැංගුව කියන කතා.) හැබැයි සාමාන්‍ය ඉන්දියන් ජනයා නම් ඇමරිකාව තමන්ගේ රටේ අහලකින් වත් යනවට කැමති නෑ. මතකයිනේ ඒ අය 9/11 ප්‍රහාරයට සන්තෝස වුන හැටි. ඒ අය හොදින්ම දන්නවා ඇමරිකාව රටකට ගොඩවදින්නේ හොදකට නෙමේ කියල. මෝදී සමහර විට හිතාගෙන ඇති එයාට ඕන විදියට චීනට විරුද්දව ඇමරිකාව පාවිච්චි කරන්න පුලුවන් කියල. හැබැයි ඇමරිකාව අන්තිමට නතර වෙන්නේ ඉන්දියාවයි පකිස්තනෙයි අවුලුවල තියල.

    අපේ රටට ඇමරිකාව ගහපු ප්ලෑනට ඉන්දියාව, ලංකාවේ අන්තවාදීන් ,සමහර දේශපාලුවන් විතරක් නෙවෙයි තවත් අය දැන හෝ නොදැන සහය දුන්න කියල තමයි අපට හිතෙන්නේ.

    ඒත් එක්කම සැලකිල්ලට ගන්න ඕන තවත් දෙයක් තමයි හිස්බුල්ලා හොරට මන්නාරමෙන් ග්ලයිපොසේට් ගෙන්නුවා කියන ආරන්චිය (ග්ලයිපොසේට් තහනම් කාලේ වෙන්න ඕන). ග්ලයිපොසේට්, ඌරු තෙල් කිරි, කෘමී රසායන, සේනා දළබුවා, ගිය අවුරුද්දේ ගොවියන්ට කිලෝ එක ගණනේ බෙදු, සේනා දළබුවා නොගැසූ, “ඇමරිකාවෙන් ආ බවට ” ගොවීන්ට කියා ඇති බඩඉරිගු ඇට යන මේවා සියල්ල මේ රටට ඇස ගහගෙන ඉන්න බටහිරයන්ගේ කුමන්ත්‍රණයේම කොටස් වීමට හොදටම ඉඩකඩ තියනවා. සේනා දළබුවා නොගසන්නේ හානිකර කෘමී රසායන ඇටය තුලම අන්තර්ගත වනසේ රසායනාගාර තුල ජාන වෙනස් කරන ලද (genetically modified) නිසාය. මේ බඩඉරිගු පරිසරයට මෙන්ම දිගුකාලීන පරිබෝජනයෙන් මිනිසුන්ටද හානිකර වෙනු ඇත. මෙවැනි ජාන වෙනස් කරන ලද ඇට නිසා අද යුරෝපය/ඇමරිකාවට ආවේනික මී මැස්සන් වදව ගොස් ඇත.
    ගොවිකම ගොඩගත නොහැකි සේ වැටුන විට ඒ ඉඩම් කුණු කොල්ලයට මිලේනියම් චැලේන්ජ් ව්‍යාපෘතියට අත්කර ගැනීම පහසුය. ඒ අසාර ඉඩම් වෙනුවට ගොවීන්ට කම්හල් රැකියා දෙනබව කිව්වම වැඩේ තවත් ලේසියි. ඒ ඉඩම් බටහිර ධනවාදීන්ගේ “පැය 12 වහල් ” කර්මාන්ත පුරවල් වනවිට ඒවායේ ආයෝජනය කළහැකි සීමිත රටවල් අතරින් ජපානයද එකකි. තේ වලට ග්ලයිපොසේට් නොගැසුවොත් ජපානය එම තේ මිලට නොගනී කියා අමුලික බොරු ගෙතු විට කිසිම සද්දයක් නොකළ ජපාන එම්බසිය , ග්ලයිපොසේට් තහනම ඉවත් කර ගත් විට තම රට ග්ලයිපොසේට් ගැසූ තේ මිලට නොගන්න බව කීවේය. එයින් සුළු පරිමාණ තේ ගොවියා අමාරුවේ වැටුණි. තේ අපනයනය කරන රටවල් තවත් තියෙද්දී ඇයි මේ ග්ලයිපොසේට් කුමන්ත්‍රණයට “ඇමරිකන් ගැති” ජපානයම ඈද ගත්තේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයිද?

    මහබැංකු කොල්ලයේ සිට රටේ සම්පත් විකිණීම දක්වා සියලුම ක්‍රියාකාරකම් වලින් පහර දුන්නෙත්, දෙමින් සිටින්නේත් රටේ ආර්ථිකය බංකොලොත් කිරීමටය. ලංකාවේ කෘෂි කර්මය වට්ටවා සියල්ල පිටරටින් ආනයනය කරන තත්වයට ඇදදමා තමන්ගේ රටවල ආහාර ද්‍රව්‍ය වලට වෙළද පලක් සකසන අතර ඒ බදු බරත් අපගේ දුප්පත් ජනතාව මතම පැටවීමට සැලස්වීමද මේ ආර්ථික මංකොල්ලයේම කොටසකි. ඇමරිකාව රටකට බලෙන් රිංගන විට එරට ආර්ථිකය කල්තියාම බංකොලොත් කිරීම, රටේ වර්ග/ආගම් වාදී ගැටුම් ඇවිලවීම සිරිතක් වශයෙන් කරයි.
    දැන හෝ නොදැන යම් යම් කෘෂී “කරුම ” ලොක්කන්, මහජන මුදල් වලින් ඉගෙනගෙන ඒ මුදල් පඩිනඩි ලෙස ලබමින් පිටරට කොන්ෆරන්ස් (conference) ගියවිට ඩොලරයට බා ගත් සමහර “සිංහල ඊනියා මහාචාර්ය වරුන්” ඇතුලු සමහර නිලදාරීන් , සමහර දේසපාලුවන් අත හිත දුන්නේ මේ කල්තියා ගහපු ඇමෙරිකානු ප්ලෑනේ කොටසකටය.

    තමන්ට රට අහිමි වෙලා තමන්ගේම රටේ වහලුන් උනදාට මේ කෑදර කම් සියල්ල හිදේවි. ඒත් එතකොට අලුතෙන් හිතන්න නම් පරක්කු වැඩිවේවි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More