පුරවැසි කොලම

ඉන්දියාවෙන් ඉගෙන ගන්න

May 25, 2019 7:14 am | Lanka Lead News

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ මහ මැතිවරණය අවසන් වුණේ පාලන බලය හොබවන නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයට (BJP) විශිෂ්ට ජයග්‍රහණයක්‌ අත්කර දෙමිනි. ආසන 573 කින් සමන්විත ලෝක්‌ සභාවේ ආසන 351 ක්‌ දිනා ගනිමින් බී.ඡේ.පී ය ශක්‌තිමත් ඉන්දියාවක්‌ ගොඩනඟන බවට නැවත වරක්‌ ප්‍රතිඥ දී තිබේ. මැතිවරණ ප්‍රතිඵල අනුව රාහුල් ගාන්ධිගේ කොංග්‍රස්‌ පක්‍ෂය ෙඓතිහාසික පරාජයක්‌ හිමිකර ගෙන සිටින අතර ඔවුන්ට දිනාගත හැකි වූයේ ආසන 92 ක්‌ පමණි. රාහුල් නියෝජනය කළ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රතිඵලවලින් ‘මහ ගෙදර’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය වන ස්‌මි්‍රති ඉරානි නොහොත් ‘තුල්සි’ රාහුල් ගාන්ධිට වඩා ඡන්ද ලබාගෙන ඇති අතර, එය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය උපහාසයට ලක්‌ කළ සිදුවීමක්‌ බවට පත්වී තිබේ. මීට පෙර මෙවැනි උපහාසයක්‌ ශ්‍රී ලංකාවෙත් සිදු වූ බැවින් මෙහි ප්‍රජාතන්ත්‍රවාදී වැදගත්කමක්‌ නැත. මෙහිදී අපට වඩා වැදගත් වන්නේ ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට කුමන ආකාරයේ බලපෑමක්‌ ඇති කරයිද යන කාරණය පමණි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු භූගෝලීයව දකුණු ආසියාව තුළ උපක්‍රමශීලී වැදගත් ස්‌ථානවල පිහිටි රටවල් දෙකකි. ඉන්දියන් සාගරයේ විශාල ආර්ථික කලාපයකට උරුමකම් කියන මෙම රටවල් දෙක වෙන් වන්නේ නාවුක සැතපුම් 12 ක (20 නප) පමණ පටු සාගර තීරයකින් යුත් ෆෝක් සමුද්‍ර සන්ධියෙනි. මෙම භූගෝලීය පිහිටීම නිසා දෙරට සිදුවන සියලු කාලගුණික, දේශගුණික හා දේශපාලන ක්‍රියාකාරකම් දෙරටේ පැවැත්මට විශාල බලපෑමක්‌ එල්ල කරනු ලබයි.

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තීන්දු කෙරෙනුයේ භූගෝලීය සාධක අනුව යන්න ප්‍රසිද්ධ කියමනකි. එම භූගෝලීය සාධකවලට අනුව ඉන්දියාවට වැදගත්ම රාජ්‍යය වන්නේ ශ්‍රී ලංකාවය. 2015 මහ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය භූ දේශපාලනික සැලැස්‌ම ක්‍රියාත්මක වූ ආකාරය අපට අමතක නැත. නමුත් ඔවුන් විසින් ක්‍රියාත්මක කළ එම සැලැස්‌ම අද ඉන්දියාවේම ජාතික ආරක්‍ෂාවට පාරාවලල්ලක්‌ වී තිබේ. පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු වැඩිම බලපෑමක්‌ එල්ල වූයේ ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවටය. බෝම්බ ප්‍රහාරයට අදාළ සියලු බුද්ධි තොරතුරු ඉන්දියාව කල්තියාම ශ්‍රී ලංකාවට ලබා දුන්නේ කලාපයේ ජාතික ආරක්‍ෂාව යනු ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව බව ඔවුන් හොඳින් වටහාගෙන තිබූ බැවිනි. නමුත් ලංකාවේ ‘පතෝල’ ආණ්‌ඩුව ඉන්දියාව එක්‌ වරක්‌ නොව පස්‌වරක්‌ දැනුම් දුන් බුද්ධි තොරතුරු සත පහකට ගණන් ගත්තේ නැත. ඉන් සිදුවූයේ විශාල මනුෂ්‍ය සංහාරයක්‌ සිදු වී ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව කලාපයේද ජාතික ආරක්‍ෂාව අවදානමට පත් වීමය. එබැවින් ඉදිරියේදී නරේන්ද්‍ර මෝදිගේ නව ඉන්දියාව කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සෘජු තීන්දු ගැනීමට පසුබට නොවනු ඇත. තුනෙන් දෙකකට ආසන්න මැතිවරණ ජයග්‍රහණයකින් පසු ඉන්දීය නව ආණ්‌ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව තවත් හිසරදයක්‌ වීම අනිවාර්ය බව ශ්‍රී ලංකා ආණ්‌ඩුව වටහා ගත යුතුය.

මැතිවරණයේදී රාහුල් ගාන්ධිගේ කොන්ග්‍රස්‌ පක්‍ෂයේ ප්‍රධාන සටන් පාඨ වූයේ විරැකියාව, තරුණ අසහනය, ණය ගෙවාගත නොහැකිව ගොවීන් දිවිනසා ගැනීම වැනි දැවෙන ප්‍රශ්නය. නමුත් නරේන්ද්‍ර මෝදිගේ බී.ඡේ.පී.යේ සටන් පාඨ වූයේ ජාතිකත්වය පදනම් කරගත් ආර්ථිකයක්‌ සහිත ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛතාව දෙන රටක්‌ ගොඩනැගීමය. ඒ සඳහා ඉන්දීය ජනතාව විශාල ප්‍රතිචාරයක්‌ දක්‌වා තිබෙන්නේ තුනෙන් දෙකකට ආසන්න බලයක්‌ නරේන්ද්‍ර මෝදිට ලබා දෙමිනි.

ඉන්දීය මැතිවරණයේ ප්‍රතිඵලවලින් හැඟෙන ප්‍රධාන කාරණය වන්නේ ජනතාව පවුල්වාදී දේශපාලනය වෙනුවට ප්‍රතිපත්තිගරුක දේශපාලන ක්‍රමයක්‌ වෙත විශ්වාසය තබා සිටින බවය. රටක්‌ ගොඩනැඟිය හැක්‌කේ ජාතික ප්‍රතිපත්ති සහිත ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛතාවය දෙන දේශපාලන ක්‍රියාවලියකින් පමණක්‌ බව ඉන්දියාව ඔප්පු කර තිබේ. එම දේශපාලන ක්‍රියාවලිය තේරුම් ගැනීමට තරම් රටේ දේශපාලනඥයන්ට බුද්ධියක්‌ නොමැති වීම ශ්‍රී ලාංකික ජාතියේම අවාසනාවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More