ආරක්ෂක අංශ මුස්ලිම් දේවස්ථාන තුළ සිදු කරන සෝදිසි කිරීම් වහාම නතර කරන ලෙස තමන් ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ අද(24) ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඉස්ලාම් දේවස්ථාන තුළ සිදු කරන සෝදිසි කිරීම් තව ඉස්සරහට ගියොත් රට තුළ ලොකු විනාශයක් සිදුවෙන බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
දිගින් දිගටම සිද්ධ වන ඉස්ලාම් පල්ලි සෝදිසි කිරීම් නිසා රට තුල මුස්ලිම් ජනතාව ඉවසාගත නොහැකි තැනකට පත්ව සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන්කර සිටියේය.
එමෙන්ම එකම පල්ලියට හත් පාරක් සෝදිසි කිරීම් සඳහා යන බවත් එවිට පල්ලියේ ගන්ඩ දෙයක් නැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ හේතුවෙන් තමා ආරක්ෂක මණ්ඩලයේදී කථා කරන බවත් මෙවැනි තත්ත්වයක් ඇතිවිය නොහැකි බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි රටට නායකයෙක් නොමැති බවට මහජනතාව ඉදිරියේ කරන ලද ප්‍රකාශ හේතුවෙන් ඔහු එම තනතුර දැරීමට ද සුදුසු පුද්ගලයෙක් නොවන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
එමෙන්ම රටේ ඇතිවී තිබෙන ව්‍යාකූලතාවයට ඔවුන් ද වග කිව යුතු බවත් වගකිවයුතු නිලයක් දරන පුද්ගලයෙකු ලෙස මේ මොහොතේ ත්‍රිවිධ හමුදාව සහ පොලසියට සහයෝගය දක්වනවා වෙනුවට ඔවුන්ට දොස් පැවරීම බොහෝ දෙනාගේ කතා බවහට ලක්ව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...