යම්කිසි රසායනික ද්‍රව්‍යයක් යැයි සැක සහිත ද්‍රව්‍යයක් ආලේපිත කාන්තා තිසරපට ආවරණ (බ්‍රෙසියර් කප්) 243 ක් සමගින් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු අලූත්ගම දර්ගා නගරයේදී 23 දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි. ඉන් 21ක රසායනික ද්‍රව්‍ය තිබූ බව තහවරු වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලූත්ගම දර්ගා නගරයේ මතුගම පාරේ නිවසක මහා පරිමාණයෙන් රෙදිපිළි තොග අලෙවි කිරීමේ නියැළී සිටින 31 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමේදී ජෙල් වර්ගයකට සමාන රසායනික ද්‍රව්‍යයක් යැයි සැක සහිත ද්‍රව්‍යයක් ආලේප කරන ලද බ්‍රෙසියර් කප් සොයාගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම රෙදිපිළි අලෙවි කිරීම සොහොයුරන් තිදෙනකු විසින් සිදුකරනු ලබන බවත් තවත් එක් රෙදිපිළි වෙළෙඳසලක් දර්ගා නගරයේ බැංකුවක් ආසන්නයේ පවත්වාගෙන යන බවත් පොලිසිය කියයි.
රසායනික ද්‍රව්‍ය පිළිබඳ රස පරීක්‍ෂණ වාර්තාවක් අද 24 දා ලබාගැනීමට කටයුතු කර ඉදිරි නීති ක‍්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, 582 බලසේනාධිපති බි‍්‍රගේඩියර් සුජීව හෙට්ටිආරච්චි, පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුද හමුදාව හා පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අලූත්ගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් ප‍්‍රියලාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්‍ෂණ මෙහෙයවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...