දේශීය පුවත්

රිෂාඩ් බදුර්දීන්ට අමාත්‍යයවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනව ජයග්‍රහණය කරවිමට ප්‍රධාන දේශපාලන පක්ෂ වල නායකයින් කටයුතු නොකරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා එබැව් කියා සිටියේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ පදිංචි උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ රිෂාඩ් බදුර්දීන්ට අමාත්‍යයවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේශපාලන ඩිල් එකක් බවයි.

රිෂාඩ් බදුර්දීන්ට අමාත්‍යයවරයාගේ අමාත්‍යංශය පාඩු ලබන අමාත්‍යංශයක් බවත්, එම අමාත්‍යංශය තුල රිෂාඩ් බදුර්දීන්ට අමාත්‍යයවරයා කිසිදු සේවයක් නොකරන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

ගල්බොඩ අත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාව ලැබිම තුලින් උන් වහන්සේ මෙරට තුල භෞමික අඛන්ඩතාවය ඇති කිරිමටත් රටේ සියළුම ජාතින් අතර සාමය සමගිය ඇති කිරිමටත් කටයුතු කල යුතු බවද ඔහු කියා සිටියේය.

මේ වසරේ මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපති මැතිවරණයක් බවත්, එම මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා පසුව දැනුම් දෙන බවත් ආණ්ඩුකාරවරයා පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More