ප‍්‍රධාන පුවත්

තමන් ලැබූ ඓතිහාසික ජනවරම වෙනුවෙන් රට වැසියන් හට ස්තූතිය පළ කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහමැතිවරණයේ ප‍්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව පාලක භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීය.

ඊයේ (23) ලද ජනවරමට අනුව නරේන්ද්‍ර මෝදි ඉදිරි වසර 05 තුළත් ඉන්දියාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත.

සියල්ලන්ටම නව ඉන්දියාවක් අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් තමාට අවස්ථාවක් ලබා දුන් සැමට හිසනමා ආචාර කිරීමට වුවමනා බවත්, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය පාක්ෂිකයින් වෙත ප‍්‍රකාශ කර ඇත.  මෙවර මහ මැතිවරණය ජනතාව අතර පැවැති සටනක් මිස, දේශපාලනඥයින් අතර පැවැති සටනක් නොවූ බව  පවසා ඇති ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා  තමාට රට භාර කර ඇති ඉදිරි වසර 05 තුළ ශක්තිමත් ඉන්දියාවක් නිර්මාණය කරන බවට ද ප‍්‍රතිඥාවක් ලබා දී තිබේ.

2014 වසරේදී නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ බලයට පත්වූයේ එරට වසර 30ක මැත කාලීන මැතිවරණ ඉතිහාසය තුළ වාර්තා වූ ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ගනිමිණි. එහිදී ඔහුට පාර්ලිමේන්තු ආසන 282ක බලය හිමිවුණි.

කෙසේවෙතත් මෙවර ද අතිවිශිෂ්ඨ ජයක් හිමිකර ගෙන සිටින අග‍්‍රාමාත්‍ය මෝදි මේවනවිටත් දිනා ගෙන ඇති ආසන සංඛ්‍යාව 350කි. ඒ අනුව 2014 වසරට සාපේක්ෂව අග‍්‍රාමාත්‍ය මෝදි හට මෙවර ප‍්‍රබල ජනවරමක් හිමිව ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.

මෙතරම් ප්‍රබල බලයක් දිනාගත් නරේන්ද්‍ර මෝඩිට දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාව වෙසෙන තමිල්නාඩුවේ දිනාගත හැකිවූයේ ආසන දෙකක් පමණක් වූ අතර දැඩි ජාතිකවාදී නායකයෙක් වන නරේන්ද්‍ර මෝඩි සුලු ජාතික ඡන්ද සහයක් නොමැතිවම ආණ්ඩුවක් පිහිටුවීම දැඩි කතාබහට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන නායකයන්ටද මෙය ආදර්ශයක් වන බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More