දේශීය පුවත්

පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා මෙම අදහස් මාධ්‍ය වෙත පල කලේය.

පාරේ ඇවිදගෙන ගිය මධුමාදව අරවින්දට අද රටෙන් පිට වෙන්නට බැරි වෙලා තියෙනවා. නමුත් පාස්කු ප්‍රහාරයෙ ලේ මළමිනී මතින් මුළු රටම හඬා වැටෙද්දී බදුර්දීන් බොහොම යහතින් මක්කම ගිහින් ඇවිල්ලා මේ රටේ ආණ්ඩුව ඉදිරියේ තමන්ගේ වීරත්වය පළ කරමින් ඉන්නවා. ඉතින් මෙහෙම රටකයි අද අපි ඉන්නේ.

අද මේ ආණ්ඩුව විපක්ෂය සහ විපක්ෂයේ ආණ්ඩු විරෝධී බලවේග මර්දනය කිරීමට යොදාගනු ලබන උපකරණයක් ලෙස ICCPR හෙවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යොදා ගනිමින් ඉන්නවා.

මිනුවන්ගොඩ පන්සලේ රැස් වෙච්ච දායක සභාව ග්‍රාමසේවකතුමා ඒ වගේම පන්සලේ ඇබිත්තයා පවා අරන් ගිහිල්ලා රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඊයේ වෙනකොට මුදා හැරියා. මෙවැනි තත්වයක් උඩ මිනුවන්ගොඩ සිද්ධීන්වලට සැකකටයුතු යැයි ප්‍රකාශ කරමින් අද මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගෙන ICCPR පනතේ 3(1) සහ 3(3) වගන්ති යටතේ නඩු පැවරීමට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි සූදානම් නැහැ ආණ්ඩුවේ මේ උගුලට අසුවෙන්න. විශේෂයෙන්ම ආණ්ඩුව උත්සුක වන්නේ විපක්ෂයේ බලවේග මර්දනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ ක්‍රියාකාරිකයන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට සහ එයින් අයුතු වාසියක් ලබාගැනීමට.

ඒ නිසා අද අප බලාපොරොත්තු වූ ආකාරයටම මධුමාධව අරවින්ද මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනු ලැබුවා. එම මූලික අයිතිවාසිකම් නඩුවේ අතුරු සහනයක් විදිහට ඒ මහතා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන ආඥාවක් ඉල්ලා සිටිනවා. ඒ අනුව අප ඉදිරි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු තහවුරු කරමින් වාරණය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More