දේශීය පුවත්

තමන්වහන්සේට දැන් මහන්සි බවත් අවුරුදු ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද බවත් ඉදිරියේදි ශාසනික පිළිවෙත් පුරාගෙන පාඩුවේ සිටින බවත් නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

“ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට වෙන විපත්තිය පිළිබඳව හඩගාලා කිව්වා. කෑගහලා කිව්වා. ඒ වෙනුවෙන් නින්දා වින්දා. අපවාද වින්දා. නොයෙක් විදිහේ කණ්ඩායම් අපිව නොයෙක් දේශපාලන කඳවුරු වල සිරකර තබන්න වෑයම් කළා.

අවසානයේදි අපි මේ රට හමුවේ හෙළිදරව් කළ කරුණු. සත්‍ය වුණා. විශාල වේදනාවක් තිබෙනවා. ඒ කොහොමවුණත් අපට ඉතාම ඉවසීමෙන් ඉදිරි කාලයේ කටයුතු කරන්න වෙනාවා.

කලබල වෙන්නේ නැතිව ඉතාම ඉවසිමෙන් හා දූරදර්ශීව ක්‍රියාත්මක වෙන්න වෙනවා මේ රට වෙලාගෙන තිබෙන අන්තවාදයන් පරාජය කිරිමට. මට දැන් හොඳටම මහන්සියි. අවුරුදු ගණනාවක් අපි දුක් වින්දා රට වෙනුවෙන්.

ඉතින් දැන් අපේ කල්පනාව මෙතනින් ඉස්සරහට බණක් භාවනාවක් කරගෙන අපේ ශාසනික ජිවිතයට යන්න. ඒ ශාසනික ප්‍රතිපත්ති පිළිවෙත් ටික පුරාගෙන පාඩුවේ ඉන්න තමයි කල්පනාව.

මොකද මේ රටේ සිංහලයන්ට අපෙන් සිංහලයෙක් හැටියටත් භික්ෂුවක් හැටියටත් කළ යුතු යුතුකම් ටික දැන් කරලා හමාරයි. ඉතාම කෙටියෙන් කියන්න තිබෙන්නේ රටවැසි දේශපාලන නායකයන්ට වෙන්න පුළුවන් අනිත් සියලුම දෙනාට ජීවිතය පූජා කරන්න පුළුවන් රට වෙනුවෙන් හැබැයි රටක් තියෙන්න ඕන ජීවිතය පූජා කරන්න”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More