දේශීය පුවත්

මහමැතිවරණ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය සුභ පැතුම් එක් කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ අග‍්‍රාමාත්‍ය මෝදිගේ පාලනය යටතේ දෙරටේ සබඳතා ශක්තිමත්ව, අඛණ්ඩව පවත්වා ගෙන යාමට  බලාපොරොත්තු වන බවය.

මේ අතර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද සුභාශිංසන පළ කර ඇති අතර විශේෂ ලිපියක් යොමු කරමින් අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ මැතිවරණය හරහා ජනතාවගෙන් ලද සහයෙන්, ඉන්දීය ජනතාව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය පිළිඹිබු වන බවය.

මේ අතර නිවැරදි නායකත්වය ඔස්සේ ඉන්දියාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට සුභ පැතුම් එක් කරන බව ව්ටිවර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ප‍්‍රකාශ කරයි.

අද පස්වරුවේ නිකුත් කෙරුණු ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රතිපල අනුව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ඉන් අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා තිබේ.  අනුව පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 542න් ආසන 346ක බහුතර බලයක් දිනා ගත්තේ භාරතීය ජනතා පක්ෂයයි. ප‍්‍රධාන විපක්ෂය වන කොංග‍්‍රස් පක්ෂයට හිමිවූයේ ආසන 90ක් පමණි.

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රධානත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන්, කොංග‍්‍රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි සුබ පැතුම් එක් කළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More