දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරමින් දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි යනුවෙන් මත ප්‍රකාශ කරන්නේද දේශපාලන කොන්ත්‍රාතුවකට අනුව බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එසේම පාරවල් වසාතබමින් ගමන් කරන ප‍්‍රභූන්ට ජනතාවගෙන් එල්ලවී ඇති විරෝධයෙන් ජනතාව සිටින පීඩනය පෙනෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

අද (23දා) බත්තරමුල්ල නෙලූම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති උතුරු නැගෙනහිර පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“වරෙක 225ම එපා කියනවා. තවත් වරෙක දේශපාලනඥයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි කියනවා. මේ විදියට ජනතාව ගොනාට ඇන්දවිමට සමහර පුද්ගලයින් කටයුතු කරනවා.  මේ අය තමන්ද කරන්නේ දේශපාලන කොන්ත‍්‍රාත්තුවක් බව වසන් කරනවා.

බටහිර න්‍යාය පත‍්‍රවලට අනුව මේ කණ්ඩායම් තෝරා ගන්න පුද්ගලයාත්  අවසානයේදී දේශපාලනයේම නිරත වෙන බව ජනතාවට වසන් කිරීමෙන් සිද්ධ වෙන්නේ රට තවත් අගාධයකට තල්ලූ කිරීමයි.

ළඟදි පාරවල් වහලා ඇමැතිවරුන්ගේ වාහන පේලියක් ගියාම ජනතාව ඊට දැඩි විරෝධයක් පළ කළා. ඒ විරෝධය සංවිධානය වෙලාකරපු දෙයක් නෙවෙයි. ජනතාව ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා මොන තරම් පීඩනයකට පත්වෙලා ඉන්නාවද කියන දෙයයි මෙයින් පැහැදිලි වෙන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More