දේශීය පුවත්

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පාසල් දරුවන් ඉලක්කර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බ ලොරියකින් පැමිණ ඇති බවට පැතිරගිය අසත්‍ය දුරකථන ඇමතුමක් නිසා අද (23දා) සවස අනුරාධපුර නගරය ආසන්නේය පාසල් අසළ දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය. ඒ සිය දරුවන් නිවෙස් කරා රැගෙන යාමට එකවර දෙමාපියන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙනි.

අනුරාධපුර ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලය, අනුරාධපුර කේ.බී.රත්නායක මිශ්‍ර පාසල හා අනුරාධපුර ජනාධිපති මිශ්‍ර පාසල ඉලක්ක කර පාසල් අවසන්වනවාත් සමගම ප්‍රහාරය එල්ල කිරීම සිදුවන බවට අසත්‍ය ඇමතුම ලැබීමත් සමග දෙමාපියන් විශාල වශයෙන් පාසල් අසළට රැස්වී සිය දරුවා ආරක්ෂිතව රැගෙන යාමට උත්සහයක නිරතවිය.

ශ්‍රේණි කිහිපයක පාසල් අවසන් වන වේලාව වූ සවස 1.15වූ අතර ඊට පෙර විද්‍යාලයන්හි අධ්‍යන කටයුතු හදිසියේ අවසන්කර දෙමාපියන්ට දරුවන් ලබාදීමට විද්‍යාලවල බළධාරින් කටයුතු කළේය.

මෙම දුරකථන ඇමතුමත් සමග අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජිව මහනාම මහතා ඇතුළු උසස් නිලධාරින් ඇතුළු විශාල පිරිසක් වහාම පාසල් අසලට ගොස් දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට කටයුතු කළහ.

එහෙත් එවැනි සිදුවීමක් සිදුවීමට කිසිදු ඉඩකඩක් නැති බව අනුරාධපුර කොට්ඨාශභාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතා පැවසුවේය.

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව උතුරුමැද පළාත් සභා සංකීර්ණයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට අසත්‍ය දුරකථන ඇමතුමක් ලැබීමත් සමග එදින පළාත් සභාවේ වැඩකටයුතු සම්පුර්ණයෙන්ම නතරකර සේවකයන් නිවෙස් කරා යැවීමට බලධාරින්ට සිදුවු බව ඒ මහතා පැවසුවේය.

එම ඇමතුම ලබාදුන් පුද්ගලයාම මෙම ඇමතුම දෙන්නට ඇති බවට සැකකළ හැකි බවත් ඒ මහතා පැවසුවේය.  මෙසේ අසත්‍ය ඇමතුම් දෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More