පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් තීරණය කිරීමට අද මෙලෙස පක්ෂ නායක රැස්වීම පැවැත්විණි.
විවාදය පැවැත්වීම සඳහා විපක්ෂය ඉල්ලූ දිනය ලබාදීමට සභානායකවරයා විරෝධය පළ කිරීම හේතුවෙන් එකඟතාවයකින් තොරව මෙලෙස පක්ෂ නායක රැස්වීම අවසන් වී ඇති බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කර ඇත්තේ ජූනි 5-6 දිනවලට පෙර ඒ සදහා දිනයක් ලබා දිය යුතු බවයි.
කෙසේ වෙතත් සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කියා සිටියේ ජුනි 18-19 දිනයන්හිදී මෙය විවාදයට ගැනීමට සූදානම් බවයි.
ඒ, අනුව ජූනි මස 18 සහ 19 යන දින දෙක තුළ විවාදයට ගැනීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...