රට පාවා දීම කට ළඟටම පැමිණ තිබුණත් ඒකාබද්ධ විපක්ෂය ඒ පිළිබඳ කතා නොකරන බව සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. සමතා බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී අමරසේකර මහතා ඒ පිළිබඳ සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් විමසා මෙසේ ද පැවසීය.
”මේ වන විට රටට අහිතකර භයානක ගිවිසුම් තුනක් ජනතාවට හොරා අත්සන් කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. පළමු ගිවිසුම තමයි A.C.S.A කියන ගිවිසුම. අනෙක් ගිවිසුම තමයි SOFA ගිවිසුම. තුන්වන ගිවිසුම තමයි මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් කියන එක. මෙම ගිවිසුම් තුනම මේ වනවිට ඇමරිකාව සමඟ අත්සන් කරලා නැත්නම් අත්සන් කිරීමට සූදානම්ව සිටිනවා”
එබඳු භයානක ගිවිසුම් තුනක් ඇති කරගනිමින් තිබුණත් සිද්ධවෙන අවාසනාවන්ත දේ පාර්ලිමේන්තුවට මෙම ගිවිසුම් ඉදිරිපත් නොකිරීම බවද අමරසේකර මහතා පවසා සිටියේය.
රට පවාදීමකට ළඟටම ඇවිත් තිබුනත් ඒකාබද්ධ විපක්ෂය ඒ පිළිබදව කථා නොකරන්නේ ඇමරිකාවට බයේ ද වෙන හේතුවක් නිසාද යන්න පැහැදිලි නොමැති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමරසේකර මහතා කියි සිටියේය.
රට පාවා දීම කට ළඟටම ඇවිත්..ඒකාබද්ධ විපක්ෂය නිහඩයි – ආචාර්ය ගුණදාස අමරසේකර
රට පාවා දීම කට ළඟටම ඇවිත්..ඒකාබද්ධ විපක්ෂය නිහඩයි – ආචාර්ය ගුණදාස අමරසේකර
Gepostet von Lanka Lead News am Mittwoch, 22. Mai 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...