පාසල් පෙළ පොත්වලට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් සහිත ලිපියක් ඇතුළු පිටු හතරක් එක් කිරීම සඳහා රුපියල් මිලියන 156 ක මුදලක් අමතරව වැයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා (21 දා) ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය. කොමිෂන් සභාවේ සභාපති, විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොමිෂන් සභාව රැස්වූ අතර එහිදී වැඩිදුරටත් සාක්‍ෂි ලබාදුන් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
‘‘මම උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස 2018.10.26 දින පත්වූවා. ඒ වනවිටත් පෙළ පොත් ලබා නොදීමට හේතු විමසූ විට නිලධාරීන් පවසා සිටියා අකිල විරාජ් අධ්‍යාපන ඇමැතිවරයාගේ ඡයාරූපයක් සහිත ලිපියක් ඇතුළත් කිරීමට සිදුවූ නිසා ප‍්‍රමාද වූ බව නිලධාරීන් ප‍්‍රකාශ කර සිටියා. කන්නන්ගර ඇමැතිවරයාගේ සිට කිසිදු ඇමැතිවරයකු එබඳු කටයුත්තක් නොකළ බවත් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ කාලයේදීත් එබඳු යෝජනාවක් ඉදිරිපත් වුවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එයින් සිදුවන හානිය පෙන්වා දී තිබෙන බවත්. පෙළ පොත් මිලියන 39 ක් මුද්‍රණය සඳහා නියෝග දී තිබුණා. එම අවස්ථාව වනවිට එයින් 80% ක් මුද්‍රණය කර තිබුණා. ඉතිරි 20% න් අධ්‍යාපන ඇමැතිවරයාගේ ලිපිය සහ තවත් කොළ 4 ක් ඉවත් කිරීමට මම නියෝග කළා. එක කොළයක් මුද්‍රණය කිරීමට රුපියලක් යනවා. ඒ අනුව එම කොළ 4 මුද්‍රණය කිරීම සඳහා රුපියල් 4 ක් වැයවන බව පැවසූ විජයදාස මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ පෙළ පොත් මිලියන 39 ය මුද්‍රණය කිරීම සඳහා අමතරව එබඳු හතර ගුණයක මුදලක් වැයවන බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...