පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට අයත් තවත් සාමාජිකයකු පිළිබඳව පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
මෙම තව්හිද් ජමාත් සාමාජිකයා පිළිබඳව මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති අතර ඉදිරි දිනවලදී ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබලයකු බව කියන පාර්ලිමේන්තුවේ සේවය කරමින් සිටි නව්ෂාඞ් නමැත්තාගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම සැකකරු පිළිබඳව තොරතුරු හෙළි වී ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ හැන්සාඞ් අංශයේ සුචිගත නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් නව්ෂාඞ් නමැති සැකකරුගේ කාර්යාල කාමරයේ තිබූ පරිගණකය, ලැප්ටොප් පරිගණකය, සැක කටයුතු සීඞී තැටි සහ තවත් ලිපි ලේඛන තොගයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
පාර්ලිමේන්තු හැන්සාඞ් අංශයේ නිලධාරියා දින 90 ක් රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යන අතර ඉදිරියේදී වැදගත් තොරතුරු රැසක් හෙළි කරගත හැකි වෙතැයි පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන මුස්ලිම් ජාතිකයන් සියලූ දෙනා පිළිබඳව පොලිසිය වෙන වෙනම විමර්ශනයක් පවත්වාගෙන යන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...