රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සිටින ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත්ම සූදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා අවධාරණය කළේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වන ලෙස තමන්ට ඉල්ලීමක් කර ඇතැයි ඊයේ (21) එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී බදියුදීන් අමාත්‍යවරයා කළ ප්‍රකාශයද අසත්‍යයක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
කෙසේවෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරයට දායක වූ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු අතර තවත් මාස හයකින් හෝ ආණ්ඩුවක් පිහිටුවා එම තැනැත්තන්ට දඬුවම් දෙන බවද සී.බී.රත්නායක මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...