සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව හෙට (23) පස්වරු 3.00 උන්වහන්සේ බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පවසති.
උන්වහන්සේට නිදහස ලබා දීමේ මූලික අදියර යටතේ ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (21) බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තාවක්ද කැඳවා තිබුණි.
ඉකුත් 18 වැනිදා වෙසක් පෝදා සිරකරුවන් 762කට වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධිපති පොදු සමාව ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥානසාර හිමි හමුවී විනාඩි 45 කට ආසන්න කාලයක් සුහද පිළිසඳරක යෙදී තිබුණි.
අධිකරණයට අපහාස කිරීම ඇතුලුව චෝදනා හතරකට වරදකරු කර තිබූ උන්වහන්සේට බරපතල වැඩ සහිතව වසර 19ක සිරදඬුවමක් නියම වූ අතර එය වසර හයකින් ගෙවීයන පරිදි ලිහිල් විය.
2018 අගෝස්තු 18 වැනි දා උන්වහන්සේට මෙම සිරදඬුවම නියම විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...