දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ජනගහනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු යැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව එහි මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේගාල්ල කුඹල්වැල්ල විජයාරාමය සහ හපුගල සුධර්මාරාමය යන උභය විහාරාධිපති ගාල්ල උප ප්‍රධාන සංඝනායක වීරපානේ හේමාරාම හිමියන් ඇතුළු සභා බල ප්‍රදේශයේ විහාරස්ථාන වල විහාරාධිපති ස්වාමීන්වහන්සේලා දාහතර නමක විසිනි. යෝජනාව ඊයේ (21) පැවති බෝපෙ පෝද්දල මාසික සභා රැස්වීමේ දී සම්මත කෙරිණි.

එම යෝජනාව ඉදිරිපත් කරමින් භික්ෂූන් වහන්සේලා කියා තිබුණේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනය භූමි ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් වර්ධනය වන බැවින් සෑම ජනවර්ගයකටම අදාළව ජනගහනය සීමා කිරීමට නීති පැනවිය යුතු බවයි.

එක් පුරුෂයෙකුට හා ගැහැණියකට දරුවන් තිදෙනකුට පමණක් මාතෘත්වය හා පීතෘත්වය සැපයිය හැකිවනසේ නීති සම්පානය කළ යුතු බවද එහි සඳහන්ව තිබිණි. මානව හා ආර්ථික විද්‍යාඥයින්ගේ පිළිගැනීම මත ලෝකයේ බොහෝ රටවල් මෙවැනි තීරණ වලට එළඹ ඇති බවද යෝජනාවේ සඳහන් විය.

එම යෝජනාව කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සම්මත කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලෙස දස්වමීන් වහන්සේලා විසින් ඉල්ලා තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More