රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයය විසින් කතානායකවරයා වෙත භාරදුන් විශ්වාසභංගය යෝජනාව සඳහා සහයදීමට මන්ත්‍රීවරුන් එක 113ක් මේ වන විට කැමැත්ත පළකර ඇතැයි මන්ත්‍රී එම් චන්ද්‍රසේන මහතා පවසයි.
වැඩිදුරටත් ඔහු සඳහහන් කර සිටියේ රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවඕ ලොකු මුලක් බැවින් මුල කතා ගහ පෙරළා දැමිය යුතු බවයි.
ආණ්ඩුව එළවගන්න තිබුණ අවස්ථාවලදී ජනතා විමුක්ති පෙරමුණ ඒ කිසිවකුට උදව් නොකළ බවත් ජනතා විමුක්ති පෙරමුණට ලහි ලහියේ ආණ්ඩුව එලවන්න තියෙන උනන්දුව ගැන සැක බවත් ඔහු අවධාරණය කළේය.
දෙමළ ජාතික සන්ථානයේ අයටත් මෙම විශ්වාසභංගයට සහාය වීමට අයිතියක් තිබෙන බවත් ආණ්ඩුවට විරුද්ධව ගෙන එන විශ්වාසභංගය කලින් ගෙනාවොත් සිදුවන්නේ ආණ්ඩුව ආරක්ෂා වීම බැවින් ජාතියේ නාමයෙන් එය සිදු නොකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
විශ්වාසභංග යෝජනාව දිනා ගැනීමට සූදානම් වන අවස්ථාවේ ඊට සහාය දීමට පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ සහ රටට ආදරය කරන ආණ්ඩු පාර්ශවයේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීම බවත් ඊයේ(21) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...