ඇමරිකාව සමග ආණ්ඩුව අත්සන් කිරීමට සුදානම් වන සහ අත්සන් කළ ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.
කථානායකවරයාගේ අවසරය මත විශේෂ ප‍්‍රකාශයක් කරමින් වීරවංශ මහතා මතු කළ මෙම ප‍්‍රශ්නයට විදේශ ඇමැති තිලක් මාරපන මහතා විසින් අද (22 දා) පිළිතුරු දෙනු ඇතැයි මුලාසනයේ සිටි කරු ජයසූරිය මහතා කීවේය.
විමල් වීරවංශ මහතා – ඇමරිකාව සම`ග සෝෆා ගිවිසුම අත්සන් කර තිබෙනවා. මේ ගිවිසුමෙන් තානාපති මුක්තිය ලැබෙනවා. තවත් ගිවිසුමකින් රට අභ්‍යන්තරයේ කඳවුරක් වුණත් හදන්න පුළුවන්.
ඒ අතර අක්කර ලක්‍ෂ ගණනක රටේ ඉඩම් ඇමරිකාවට අත්පත් කර ගත හැකි මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරන්න සුදානම් වෙනවා. මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.
සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – ගිවිසුම මුළින් අත්සන් කළේ ගෝඨාභය රාජපක්‍ෂ. ගෝඨාභයගෙන් මෙය ඇසිය යුතුයි ඇයි 2007 මෙය අත්සන් කළේ කියා. සෝෆා ගිවිසුම තවම සාකච්ඡුා කරනවා.
විමල් වීරවංශ මහතා – ගෝඨාභය කාලේ පිටු 10 ක ගිවිසුමක් අත්සන් කළා. ඒ ඇමරිකානු නැව්වලට තෙල් ගහන්න, ආහාර දෙන්න දැන් ඒ පිටු දහයේ ගිවිසුම පිටු අසූවකින් අත්සන් කරනවා.
සභානායක – මේ ගිවිසුම් යාවත්කාලීන කළ යුතුයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...