දේශීය පුවත්

මිනුවන්ගොඩ නගරයේ පසුගිය 13දා ජනතාව ප්‍රකෝප කරමින් වෙළදසැල් වලට ගිනි තැබීමේ සිද්ධියට අදාව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට ගිය පොලීසිය ඔහු ගමන් ගත් මොන්ටෙරෝ ජීප් රථයක් අද (21) අත්අඩංගුවට ගෙන ඇත.

මධුමාධව අරවින්ද සමග සිද්ධිය වූ දා එකට ජීප් රථයේ පැමිණි ව්‍යාපාරිකයන් දෙදනාගෙන් එක් අයකුට අයත් කඩවත, ඉදිගහමුල්ලේ පිහිටි නිවසක තිබී මෙම ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් කණ්ඩායම් මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට මධුමාධව අරවින්ද මහතාගේ නිවසට තුන්වතාවක්ම ගොස් ඇති අතර, ඔහු අදාළ ව්‍යාපාරිකයන් දෙදෙනා සමග ප්‍රදේශයේ පලාගොස් ඇතැයි පොලීසිය හෙළිකරගෙන ඇත.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීමට එක්වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More