දේශීය පුවත්

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගයට කිසිසේත්ම සහාය නොදෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව ඊට සහාය නොදීමට සාකච්ඡා කරන බව හේවාහැට, කිවුල්ළිඳ පිහිටි ඒ මහතාගේ නිවසේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම විශ්වාසභංගය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් ඉදිරිපත් කරන්නක් බවත් ඒ සඳහා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ජනතා විමුක්ති පෙරමුණු නායකයාට හොදැ හැටි සැලකුම් ලබාදී ඇතැයි කී මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද ඉදිරියට පැමිණ සිටිනවා. කවින්ද ජයවර්ධන, නිරෝෂන් පෙරේරා යන තරුණ මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ද ත්‍රස්තවාදය හුරතල් කරන අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව කටයුතු කිරීමට ඉදිරිපත් වී හමාරයි.

රිෂාඩ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයක් සඳහා සහයෝගය දෙන බව ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය මේ වන විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කතෝලික සම්භවයක් සහිත මන්ත්‍රීවරුන්ද විශ්වාසභංග සඳහා සහයෝගය ලබා දෙන බව සඳහන් කර තිබෙනවා.

ත්‍රස්තවාදය පෝෂණය කරන, ත්‍රස්තවාදීන්ගේ මුදල්වලින් ධනවත් වුණු රිෂාඩ් බදුර්ඩීන් අමාත්‍යවරයා එක්කෝ ඉල්ලා අස්විය යුතුයි, නැතිනම් ඔහුට එරෙහිව අපි කටයුතු කරනවා.

බෙදී වෙන්වී යාමට සූදානම් වන එක්සත් ජාතික පක්ෂය එක ගොනුවකට ගැනීමට රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මලික් සමරවික්‍රම වැනි අයට අවශ්‍ය වී තිබෙනවා. මේ සඳහා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර ගැනීමට සුදුසු වන ද අලූත් උපායක් වශයෙන් විශ්වාසභංගයන් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කරගැනීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් සහ කුඩා පක්ෂ යළි සමගි වන අතර අනෙක් අයට නිහඩ වී සිටීමට සිදුවෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More